කාලීන ගැටළු විසඳාගැනීම සඳහා ඵලදායිතා සංකල්පය යොදා ගැනීම කාලෝචිතයි-මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා.

කාලීන ගැටළු විසඳාගැනීම සඳහා ඵලදායිතා සංකල්පය යොදා ගැනීම කාලෝචිත බවත් ඒ සඳහා ආයතනික ඵලදායිතාව ඉහළ දැමීම කළ යුතු කාර්යයක් වුවත් පුද්ගලික ඵලදායිතාවය ඉහළ දැමීම ඒ සඳහා වඩාත්ම උචිත බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

ප්‍රධාන ලේකම්වරයා මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ (08)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ පැවති මධ්‍යම පළාත්  ඵලදායිතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිනි.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ ඵලදායිතා තරඟාවලියට ඉදිරිපත්ව ජය ලැබූ මහනුවර, මාතලේ, නුවරඑළිය හා කෑගල්ල යන  දිස්ත්‍රික්කවල පාසල්, පිරිවෙන්, රජයේ ආයතන හා පුද්ගලික ආයතන සඳහා සහතිකපත් හා කුසලාන ප්‍රදානය කිරීම මෙහිදී  සිදු කෙරිණ. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  ප්‍රධාන ලේකම්වරයා රාජ්‍ය අංශය තුළ පවතින සැබෑ ගැටලු හඳුනාගනිමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා නිරන්තරයෙන් රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අභයෝගයකට සූදානම්ව  ප්‍රායෝගිකත්වයට නැඹුරුවී, නව සංකල්ප ආදේශ කර ගනිමින් රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීමත්, රාජ්‍ය සේවකයෝ පුරවැසියෝ ලෙස රට ගොඩනැගීමට කැපවීමෙන් දායකත්වය ලබාදීම කාලීන අවශ්‍යතාවයක් බව  පැවසීය.

රාජ්‍ය අංශයේ සැබෑ ඵලදායිතාවය මැනිය හැක්කේ සේවය ලබා ගත් මහජනයා ලබා දෙන ප්‍රතිචාරය පදනම් කර ගෙන බවත්, ඵලදායිතාවය තිබිය යුත්තේ මහජනයා වෙනුවෙන් මිස මහජනයාට සේවයක් නොවන, මහජන ඇගයීමක් නොමැති සහ මහජන සිතුම් පැතුම් ඉටු නොවන රාජ්‍ය සේවයකින් හෝ ඵලදායිතාවයින් ඵලක් නොවන බව ද ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චම්පිකා ඩි. ධර්මසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල හෙන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මධ්‍යම පළාතේ අ. පො.ස. උසස් පෙළ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නව වැඩසටහනක්.

මධ්‍යම පළාතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ අධ්‍යාපන ප්‍රතිපල ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් උසස් පෙළ කලා /වාණිජ /ගණිත /විද්‍යා හා තාක්ෂණවේදය යන විෂයධාරාවන් හදාරන දරුවන් වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව නව වැඩසටහනක් ක්‍රියාවට නන්වයි. 

 

මෙහි එක් අංගයක් ලෙස රට තුළ පවතින ආර්ථීක හා සාමාජිය අර්බුදයන් හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කාර්යයන් සාර්ථක කර ගැනීම වෙනුවෙන් නේවාසික අධ්‍යාපන කදවුරු පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කොට ඇත. 

 

ඒ අනුව සංවිධානය වූ විෂයමාලා ආවරණය කෙරෙන තෙදින නේවාසික අධ්‍යන කදවුරක් ගුරුදෙනිය අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී අද දින (04) ආරම්භ කෙරින. 

 

මෙහිදී දරුවන් තුළ නිරවුල් මානසික පදනමක් ගොඩනැගීමට අවශ්‍ය  පසුබිම උදා කිරීම සදහා කටයුතු යොදා පවතින අතර මෙම වැඩසටහනේදී  භූගෝල විද්‍යාව විෂයට අදාළව විෂය දැනුම ලබාදීම සිදු කරන ලදී. මෙම තෙදින වැඩසටහනේ සම්පත්දයකත්වය ප්‍රවීන භූගෝල විද්‍යා දේශක කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආචාර්ය ශාන්ත බැරගමආරච්චි  මහතා විසින් ලබාදෙන ලද අතර වැඩමුළුව සදහා පළාතේ දුෂ්කර අධ්‍යාපනය කලාප නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 160 දෙනෙකු සහභාගී විය. 

 

මෙහි සමාරම්භක අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) චම්පිකා මායාදුන්නේ ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ජි.හේරත් බණ්ඩා යන මහතාම මහත්මීන් සහභාගී වුහ.

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මධ්‍යම පළාත සදහා වූ විශේෂ තාක්ෂණික සාකච්ජාවක්.

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මධ්‍යම පළාත සදහා  වූ විශේෂ තාක්ෂණික සාකච්ජාවක් ඉකුත්දා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.ඒ.රණසිංහ මහතාග් ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. 

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීම හා පරිපාලන ක්‍රියාවලිය විධිමත් කිරීම වෙනුවෙන් වූ අධ්‍යාපන සැලසුම් සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදු කරණ ලද අතර ,  පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 15 සදහා ලබාදී ඇති නිර්ණායක මත පදනම්ව නව ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින් සමාලෝචනය කිරීම සිදු විය. පාසල් පොකුරු සහ අධ්‍යාපන සංවර්ධන මණ්ඩල පිළිබදව සාකච්ජා කිරීම හා දිස්ත්‍රික් මට්ටමින් කරුණු සාකච්ජා කිරීම මෙහිදී සිදු විය. 

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් පළාත් නවය සදහාම නව නිර්ණායක පදනම් කර ගනිමින් කරුණු විමසීමට ලක් කර ශ්‍රී ලංකාව සදහා  ගැලපෙන වඩා උචිත වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ද සැලසුම් සකස් කොට ඇත. 

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න , ප්‍රධාන හා අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , මහාචාර්ය ගුණපාල නානායක්කාර , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස ,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , කොට්ඨාශ අධ්‍යපාන අධ්‍යක්ෂවරුන් , අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , නියෝජ්‍ය අධ්‍යපාන අධ්‍යක්ෂවරුන් (සැලසුම් ) ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.

තිරසාර සංචාරක ගමනාන්ත වැඩසටහනේ අවසාන අදියර දඹුල්ලේදි ආරම්භ වෙයි .

 

තිරසාර සංචාරක ගමනාන්ත වැඩසටහනේ අවසාන අදියර දඹුල්ලේදි ආරම්භ වෙයි .

 

දේශපාලනයත් පරිපාලනයත් එකට එක්ව නිවැරදි සැලස්මකින් යුතුව ක්‍රියාත්මක වීමෙන් පමණක් තිරසර සංචාරක ගමනාන්ත නිර්මාණය කරගත හැකියි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ

 

රුපියල් මිලියන 17ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) , කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) සහ පළාත් සංචාරක දෙපාර්තමේන්තුව එකමුතුවෙන් කලාපීය සංවර්ධනය සදහා වන  තිරසාර සංචාරක  තෙමස් ව්‍යාපෘතියෙහි අවසන් අදියර අද (3) දඹුල්ල "ට්‍රොපිකල් විලේජ්" පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 

 

කොළඹ වටා යාමට රුපියල් ලක්ෂ එක හමාරක් ගෙන ඇති බව වාර්තා වුණ අතර ඉදිරි මාස දෙක තුනක කාලය තුළ හතළිස් දහසකට වඩා වැඩි පිරිසක් සංචරණය සදහා සුදනම් බව වාර්ථා පෙන්වා දෙද්දී එවන් වැරදි ක්‍රියා…

පළාත් මුල් ළමාවිය සංවර්ධනය ඒකකයෙන් මුලික ඉංග්‍රිසි භාෂා කුසලතාවය පුහුණු වැඩසටහනක්.

 

 

 

මුල් ළමාවිය අවධියේ පසුවන දරුවන්ගේ සන්නිවේදන කුසලතා හැකියා සංවර්ධනයේදී භාෂා කුසලතා සංවර්ධනයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. ඒ සඳහා දරුවකුට සුදුසුම කාලය මුල් ළමාවිය අවධියයි. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය විසින් මුලික ඉංග්‍රිසි භාෂා කුසලතාවය  මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානතුල දී දරුවන්ට ලබාදීම අරමුණු කරගනිමින් UNICEF ආයතනයේ ප්‍රතිපාදන යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. 

මේ යටතේ මුල් ළමාවිය සංවර්ධන ඒකකය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රිසි භා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂගේ ප්‍රධාන සම්පත්දායකත්වය යටතේ සම්පත්දාකයක මණ්ඩලයක් විසින් මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් සඳහා ගුරු පුහුණු මොඩියුලයක් සකස් කරන ලදි. 

මධ්‍යම පළාතේ සියලු ම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල උපදේශිකාවන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය  පුහුණුකරුවන් පුහුණු කිරී‍මේ දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 2022.11.01 හා 02 දෙදින පොල්ගොල්ල සමුපකාර සංවර්ධන පුහුණූ ආයතනයේදි පවත්වන ලදි. මෙහිදි පුහුණු කරුවන් ලෙස ගුරු උපදේශකවරුන් හා ප්‍රාදේශිය ඉංග්‍රිසි භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානවල සම්පත්දායක නිලධාරින් 33 දෙනෙකු පුහුණුව ලැබීය. 

මෙම පුහුණු වැඩමුළුවේදී සම්පත්දායකයන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහා මඩවල සුමුදු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් පිරිසක් සහභාගි වූ අතර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශිකාවගේ සහයෝගය ඇතිව සාර්ථක ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම් සිදු කරන ලදි.

මෙම වැඩසටහනේ මඟපෙන්වීම හා අධීක්ෂණය පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටි.කේ. ගුණතිලක මහතා විසින් සිදු කරන ලද අතර පුහුණූ වැඩසටහනේ මෙහෙයවීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රිසි භා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා UNICEF ආයතයේ ඌව හා මධ්‍යම පළාත් අධ්‍යාපන නිලධාරි සුදත් අදිකාරම් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook