රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ තනතුරු සදහා අභිනවයෙන් පත් කෙරුණු මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් හා නිලධාරිනියන් 14 දෙනෙකුට නව සේවා ස්ථාන වෙත පත් කිරීමේ ලිපි ප්‍රදානය කෙරේ.

රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ තනතුරු සදහා අභිනවයෙන් පත් කෙරුණු මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් හා නිලධාරිනියන් 14 දෙනෙකුට නව සේවා ස්ථාන වෙත පත් කිරීමේ ලිපි ප්‍රදානය ඊයේ(27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් පළාත් ආණ්ඩුකාර කාර් යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබීය.              

මෙහිදී නව තනතුරු ලාභීන් අමතා ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ නිවැරදි ව හා කාර් යක්ෂමව මහජන සේවයේ නිරත වෙමින්‍ රාජ්‍ය සේවයට අභිමානයක් එක් කරන ලෙසය. සේවයේ නිරතව සිටියදීත්, විශ්‍රාම ගැනීමෙන් පසුවත් මෙවැනි නිලධාරීනට ඉහළ පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බවත් ඔහු කියා සිටියේය.           

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා සදහන් කළේ සතතාභ්‍යාසයෙන්ම රාජ්‍ය සේවයේ පරිණත වූ මෙම නිලධාරීනට විශාල වගකීමක් පැවරෙන බවය.      

පත්වීම් ප්‍රදානයට අදාළ සියලු කටයුතු සිදු කරනු ලැබුවේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි.              

ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතාද, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති පී.ජී.අමරකෝන් මහතා ඇතුළු එහි සාමාජිකයන්ද, එහි ලේකම් ඩබ්ලිව්.දයානන්ද මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතන වල සේවයේ නියුක්ත සියලු ස්ථරවල නිලධාරින් සදහා “ස්වයං සංවර්ධනය සහ ස්වයං කළමනාකරණය ” පිළිබදව පුහුණු වැඩසටහනක්.

මධ්‍යම  පළාත් රාජ්‍ය  සේවයේ අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතන වල සේවයේ නියුක්ත සියලු ස්ථරවල නිලධාරින් සදහා “ස්වයං සංවර්ධනය සහ ස්වයං කළමනාකරණය ” පිළිබදව පුහුණු වැඩසටහනක් අද දින (28 ) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී  දී පැවැත්විණ . 

 නිලධාරීන්ගේ ස්‌වයං පෞර්ෂත්වය ගොඩනගා ගැනීම හා එය කළමනාකරණය කර ගැනීම පිලිබඳ පැවැත්වූ මෙම වැඩසටහනෙහි  සම්පත් දායකත්වය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුජාන් නානායක්කාර මහතා විසින් ලබාදෙන ලදී.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලු වැඩසටහන් සදහා රාජ්ය මුල්ය කළමනාකරණ කිරීමේ අරමුණ ඇතිව සම්පත්දායක දීමනා , දිවා ආහාර හා ලිපි ද්රව්ය ලබාදීමකින් තොරව සංවිධානය කෙරෙන අතර , මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ  තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ අධීක්ෂණය හා මෙහෙයවීම මත මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.

පරිගණක පුහුණු වැඩසටහනක් පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත්වේ.

මධ්‍යම පළාත් රාජ්ය නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ Microsoft office ward  භාවිතය පිළිබදව පුහුණු වැඩසටහනක් පසු  (27 ) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත්වේ.

මධ්‍යම  පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය  මහතාගේ අධීක්ෂණයෙන් නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් ගොඩනංවමින් කාර්යක්ෂම ආයතන පද්ධතියක් ගොඩනැගීමේ අරමුණෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා පළාත් රාජ්‍ය  සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් , කළමනාකරණ සේවා  නිලධාරින් සහභාගී වූ අතර, වැඩසටහනේ සම්පත්දායකත්ව සංවර්ධන නිලධාරි ප්‍රියනාත් ඉද්දමල්ගොඩ මහතා  ලබාදෙනු ලැබිය .

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්‍ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරිණ.

විකසිත සියපත -2022 මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර් යාලය විසින් සංවිධානය කරන ලද විකසිත සියපත 2022 මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල (26)  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ දී විචිත්‍ර හා සම්භාවනීය අංග ගණනාවකින්ම සමන්විත ව පැවැත්විණි .          මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උළෙලට මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතා ද, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සමඟ මහනුවර දිස්ත්‍රික්කය පුරා වෙසෙන සාහිත්‍යකරුවන් ඇතුලු සාහිත්‍ය රසිකයන් ද සමඟ විශාල පිරිසක් එක්ව සිටියහ .             

ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන විසින් නර්තනාංග කිහිපයක්ම උළෙලට එක් කොට තිබිණි.                          ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමෙන් පැවැත්වූ තරග ආදියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමට දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිහු එක් වූහ.                

මෙහිදී අදහස් දැක්වූ චන්දන තෙන්නකෝන් මහතා කියා සිටියේ වර්තමාන ළමා පරපුර කොයිබටද යන්න බරපතළ ප්‍රශ්නයක් ව මතුවී ඇති බවත්, ඊට තරගකාරී හා විෂයානුබද්ධ අධ්‍යාපන රටාව හේතුවී ඇති බවත් ය.ඉලක්කගත විභාග ජයග්‍රහණ කරා ම දිවෙන මොවුනට අර්බුද ,ගැටලු හා පරාජයන් විද දරා ගැනීම අසීරු වන බව ද, විශ්ව විද්‍යාල මට්ටමේ තරුණ සිසුන් පවා සිය දිවි නසා ගැනීමට පෙළඹීමෙන් එය පැහැදිලි වන බව ද කියා සිටියේය .

 

ප්‍රශස්ත සාහිත්‍ය කලා ඇසුරෙන් මේ තත්ත්වයන්ට විසදුම් මාර්ග සෙවිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ නිර්මාණශීලිත්වය අගයන මෙබදු සාහිත්‍යමය රාජ්‍ය උත්සව ඊට පිටිවහලක් වන වග අවධාරණය කරමිනි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook