ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය අතින් පළමු ස්ථානයේ පසුවන මධ්‍යම පළාතේ සංචාරක කර්මානත්යේ ඉදිරි පියවරක් වෙනුවෙන් නව සංචාරක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් (06) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
රටතුළ පවතින විවිධ අර්බුද හමුවේ ඒවා ජය ගනිමින් පලාතක් ලෙස ඉදිරි පියවරක් තබමින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය ප්‍රබලව බලපානු ලබන අතර, සංචාරක කර්මාන්තයට දායකත්වය දක්වන සියලු පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් මධ්‍යම පළාත සදහා නව ක්‍රියාකාරී සංචාරක සැලැස්ම සැකසීමට නියමිත අතර කෙටි කාලින ,මාධ්‍ය කාලින හා දිගුකාලින වශයෙන් පස් අවුරුදු සැලැස්මක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. ජාතික සංචාරක වැඩසටහනට සමගාමිව ජාතික ,පළාත් හා ප්‍රාදේශීය වශයෙන් මෙය ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය.
පාරිසරික ,සංස්කෘතික , හා වෙනත් කේෂ්ත්‍රයන් හදුනාගනිමින් සංචාරකයින් ගෙන්වා ගැනීම, පළාත තුළ රදවා ගැනීම , විනෝදාස්වාද ක්‍රීඩා ඇති කිරීම ඇතුළුව නව ක්‍රියාකාරකම් ඇති කිරීම , ඇතුලත්ව මෙය මහනුවර ,නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික් පදනම් කර ගනිමින් සැකසීමට සැලසුම් කෙරේ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පසන් රත්නායක, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, පළාත් සංචාරක අධ්‍යක්ෂ අරුණි තිලකරත්න , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම් )කේ.ජි.එස්.නිශ්ශංක,අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් චමිලා විජේරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් , UNDP ආයතනයේ නිලධාරීන්, විද්වතුන් , ආරක්ෂක අංශ නියෝජිතයින්, සංචාරක මගපෙන්වන්නගේ සංගමයේ නිලධාරින් , කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ නිලධාරින් , සංචාරක හෝටල් නියෝජනය කරමින් පිරිස් සහභාගී වුහ.
මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම වාරි ව්‍යාපාරය වන මිනිපේ වම්ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ පළමු ජලවර නිකුත් කිරීම මෙම මස අවසානයේදී සිදුවේ.
මහ කන්නයේ කුඹුරු වගාව ආරම්භ කිරීම සඳහා එහි ප්‍රධාන සොරොව්වෙන් ජලය නිකුත් කිරීමට විල්ගමුව, සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය දා (05) පැවැති මිනිපේ කන්න රැස්වීමේදී තීරණය විය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී ඔක්තෝබර් මස 25වන දින පළමු ජල මුරය ප්‍රධාන සොරොව්වෙන් නිකුත් කරන බව මිනිපේ ව්‍යාපාරයේ නේවාසික කළමණාකාර ආර්.ඩී.කේ.රාජසූරිය මහතා ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ මිනිපේ අමුණේ පැවැති වේල්ල මීටර් 3.5කින් උස් කොට ඇති අතර කිලෝමීටර් 74ක දිගින් යුතු මිනිපේ ඇළ ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණය ද මේ වන විට අවසන් කොට තිබේ.
ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන අරමුදලේ රුපියල් මිලියන 2600ක ප්‍රතිපාදන මත ඉදි වන මෙම ව්‍යාපෘතිය මහවැලි අමාත්‍යංශයේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ආරම්භ කොට ඇත.
ගොවිපවුල් 15 000කට ප්‍රතිලාභ හිමිවන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු එම අවස්ථාවේදී ඒ මහතා විසින් සම්පාදනය කරන ලදි.
රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල අධික ජල ධාරිතාවයක් පැවතීම, කොවීඩ් වසංගත තත්ත්වය, ඉන්ධන අර්බුදය, ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ යාම වැනි හේතු මත මෙහි ඉදිකිරීම් යම් ප්‍රමාදයකට ලක් වුවත් ලබන වර්ෂය වන විට මෙම ව්‍යාපෘතිය මහජන අයිතියට පත් කළ හැකි යැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කළේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, මිනිපේ ප්‍රාදේශීය ලේකම් නුවන් සී.හේමකුමාර, මහනුවර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කුමුදුනී ධීරා මහත්මිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය..
මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරින් සදහා සංවිධානය කරන ලද කථන දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් (06) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නිලධාරීන්ගේ දෙමළ භාෂා හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුක්ත මොහොමඩ් ෆලීල් මහතා විසින් ලබාදෙන ලද අතර, වැඩසටහන මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මධ්‍යම පළාතේ අමාත්‍යංශ ,දෙපාර්තමේන්තු හා ආයතනවල සේවයේ නියුක්ත නිලධාරින් සදහා ඵලදායිතාවය පිළිබදව පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එහි පළමුවැන්න ( 06) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු එකක
ශ්‍රවනාගාරයේදී පළාත් පුහුණු අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙහිදී අදහස්දැක්වූ පුහුණු අධ්‍යක්ෂවරිය, ආයතන මගින් සපයනු ලබන සේවාවන් කාර්යක්ෂමව ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය පසුබිම උදාකර දීම ඵලදායිතා සංකල්පයන්ගේ මුලිකම හරය බවත් , රාජ්‍ය ආයතන ලෙස නව ගමන්මගක් වෙනුවෙන් මෙම සංකල්පයන් යොදා ගැනීම කාලෝචිත අවශ්‍යතාවයක් වන අතරම තරගයකට සිමා නොවී දෛනික සේවාවන් සැපයීම වෙනුවෙන් තරගකාරීව ප්‍රවේශවීමට පසුබිම ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක් වන බව පැවසිය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන පුරා දින පහක් (සතියකට එක් දින බැගින් ) පැවැත්වෙන අතර , මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි ඉනෝකා දිල්හානි තිසේරා මහත්මිය විසින් ලබාදීම සිදු කෙරේ. මෙහිදී ඵලදායිතාවය හා ආකල්ප සංවර්ධනය, ඵලදායිතාවය පිළිබද සංකල්ප , ඵලදායිතා තත්ත්ව කව , හරිත ඵලදායිතාව සහ කයිසෙන්, පද්ධති සංවර්ධනය යන අංගයන් පිළිබඳ ව නව දැනුම ලබාදීම සිදු කෙරේ.
ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැනීමේ බහු ආංශික ඒකාබද්ධ පළාත් යාන්ත්‍රණ මෙහෙයුම් කමිටු මධ්‍යම පළාත් රැස්වීම අද දින (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත් විණ.
සෑම පුරවැසියෙකුටම රටෙහි පවතින ඕනෑම තත්ත්වයකදී වුවද ක්‍රියාශීලි නිරෝගී දිවිපැවැත්මකට අවශ්‍ය ප්‍රමාණයට ආහාර සාධාරණ මිළකට ලබාගැනීමට හැකි පරිසරයක් වූදා කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වේ. මෙය ජාතික ,පළාත් ,දිස්ත්‍රික් ,ප්‍රාදේශීය හා ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. පළාතේ පවතින විශේෂත්වයන් හදුනාගනිමින් ජනජීවිතය යාතාවත් කිරීමට අවශ්‍ය පසුබිම උදාකිරීම වෙනුවෙන් ජාතික මට්ටමින් මෙම වැඩසටහන් සැලසුම් කොට පවතී.
මධ්‍යම පළාත් යාන්ත්‍රණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී දැනට රාජ්‍ය ආයතන මගින් පළාත තුළ ක්‍රියාත්මක වැඩසටහන් හා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත යාන්ත්‍රණයන් පිළිබදව සාකච්ජා කළ අතර , සෞබ්‍යය,කෘෂිකර්මය, අධ්‍යාපනය,සමුපකාරය,පලාත්පාලනය යන විෂයන් මුලික කර ගනිමින් මෙම යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාව සදහා නගරාධිපතිවරුන් , ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුළු පළාත් අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් , සිවිල් සංවිධාන සාමාජිකයින් , වෙළද සංවිධාන ,රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන රැසක් සහභාගී වුහ.
- අන්තර්ජාල භාවිතය හා විද්‍යුත් ලිපි පිළිබදව පුහුණු වැඩසටහනක් .
- මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු විධායක මට්ටමේ නිලධාරීන් සදහා පුහුණු වැඩමුළුවක්.
- රාජ්‍ය නිලධාරින්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබදව දැනුම් වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා පුහූණු වැඩසටහනක්
- මධ්‍යම පළාතේ 2023 වර්ෂය සඳහා නව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම වෙනුවෙන්
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
