මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහයෝගය ඇතිව මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත සඳහා ප්‍රමිති හඳුන්වාදීමේ වැඩසටහන යටතේ පලමු වැඩසටහන පසුගිය දා (30) මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදි පැවැත්වුණි.වැඩසටහනේ ප්‍රධාන සම්පත් දායකත්වය ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයේ විද්‍යාත්මක අධ්‍යයන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ S.V.N.ද සිල්වා මහත්මිය මෙහෙයවන ලදී.එම අවස්ථාවට පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතාද සහභාගි විය
පෙරහැර සමයේ රාජකාරි වෙනුවෙන් මගී ප්‍රවාහන සේවා සේවකයින් ඇගයේ
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් රාත්‍රී රාජකාරි ඇතුළු විශේෂ සේවා වෙනුවෙන් කැපවුණු මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරී සේවකයින් ඇගයීමක් පසුගිය 30 දින පල්ලෙකැලේ මගී ප්‍රවාහන සේවා අධිකාරී පරිශ්‍රයේදී සිදුකෙරිණි. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සව අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති, ඩී.එම්.පී.කේ. දිසානායක මහතා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මදුපානි පියසේන මහත්මිය, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරී සාමාන්‍යාධිකාරී තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සහ එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගිව සිටියහ.
"උරුමයක පෙරමග" පාරම්පරික හස්ත කර්මාන්ත අංශය වෙත පාසල් දරුවන් යොමු කිරීමේ වැඩසටහන -2024
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ" උරුමයක පෙරමග" ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරක් ලෙස එහි දෙවන අදියර පාරම්පරික දුම්බර රටා හණ නිර්මාණකරණය පිළිබඳ වැඩසටහනක් අගොස්තු මස 28 වන දින පාසල් දරුවන් හා ගුරු භවතුන්ගේ සහභාගිත්වයෙන් හගුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත් විය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, කටුගස්තොට හා හගුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලවල සම්බන්ධීකරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදියපැලැල්ල ජාතික පාසල යන පාසල්වල ශිල්ප කලා විෂය හදාරන සිසු දරු දැරියන් 41 ක් ඒ සඳහා සහභාගි විය. එහිදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා උපාධි , බාහිර කථිකාචාර්ය ඩී.ජී.පී. විමලරත්න මහතා විසින් දුම්බර රටා හණ කලාව පිළිබඳව මූලික අවබෝධයක් සිසු දරු දැරියන්ට ලබා දුන් අතර,ඉන් අනතුරුව ජාතික ශිල්ප සභාවේ පුහුණු උපදේශිකාවන් තිදෙනෙකු සහභාගි කර ගනිමින් දුමිබර රටා හණ නිර්මාණකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී. වැඩසටහන අවසානයේ මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඊට සහභාගි වූ සිසු දැරියන් අගයමින් වටිනා සහතික පත්‍රයක් පිරිනමන ලදී.
මධ්‍යම පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන - කෙටි නාට්‍ය තරඟාවලිය
2024 ලෝක ළමා දිනයට සමගාමීව, මධ්‍යම පළාත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන අතර පවත්වනු ලබන කෙටි නාට්‍ය තරඟාවලිය පසුගිය 30 දින මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල මෙම නාට්‍ය තරඟාවලියේ සමාරම්භක උළෙල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා, මධ්‍යම පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මිය ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන 08ක දරු දැරියන් එම තරඟය සඳහා කෙටි නාට්‍ය ඉදිරිපත් කර තිබුණු අතර, සිංහල මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය හා දමිල මාධ්‍ය ලෙස තරඟ පැවැත්විණි.
දිනය අවසානයේ එහි ප්‍රථිපල පහත පරිදි විය.
සිංහල මාධ්‍ය තරගයේ ජයග්‍රහණ
ප්‍රථම ස්ථානය - නුවරඑලිය පේන්ටර් ළමා සංවර්ධන මධ්‍යස්ථානය
දෙවන ස්ථානය - ශාන්ත ජෝසප් ළමා සංවර්ධන මධ්‍යස්ථානය
තෙවන ස්ථානය - ජයව්ක්‍රම ළමා සංවර්ධන මධ්‍යස්ථානය
ඉංග්‍රීසි මාධ්‍ය තරගයේ ජයග්‍රහණය
ප්‍රථම ස්ථානය- ශාන්ත ලෙනාඩ් ළමා සංවර්ධන මධ්‍යස්ථානය
දෙවන ස්ථානය - අපේක්ෂා ළමා සංවර්ධන මධ්‍යස්ථානය
තෙවන ස්ථානය- පේන්ටර් ළමා සංවර්ධන මධ්‍යස්ථාය
දමිළ මාධ්‍ය තරගයේ ජයග්‍රහණය
ප්‍රථම ස්ථානය- ශාන්ත ලෙනාඩ් ළමා සංවර්ධන මධ්‍යස්ථානය
දෙවන ස්ථානය- පේන්ටර් ළමා සංවර්ධන මධ්‍යස්ථානය
තෙවන ස්ථානය- අපේක්ෂා ළමා සංවර්ධන මධ්‍යස්ථානය
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ධීරානන්දයෙත්
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් මප/දෙනු ධීරානන්ද මහා විද්‍යාලයේ දී පසුගියදා (29) පැවැත්විණි. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ පාසලේ සිසුන් දැනුවත් කෙරිණි.දෙනුවර කලාපයේ මාධ්‍ය විෂය අධ්‍යක්ෂ සමන්ත බණ්ඩාර මහතාගේ සහයෝගය යටතේ පැවැත්වූ මෙම වැඩසටහනට විද්‍යාලයේ විදුහල්පති ඊ.ජේ.එම්.පී.ජී.ජී. බණ්ඩාර මහතා, මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
- මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නිළ වෙබ් අඩවිය එළිදකි
- මැදරට සංචාරක සංවර්ධන ප්‍රවර්ධනයට තීන්දු රැසක්
- අපවත්වි වදාළ ඓතිහාසික ගන්නොරුව රජමහා විහාරය,උඩබෝමලුව පුරාණ විහාරයන්හී විහාරාධිපති,මල්වතු මහා විහාර පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය ,යටිනුවර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විචිත්‍රභාණී පූජ්‍යපාද අඹන්පොල ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ දේහය පිළිබදව අදාහන පූජෝත්සව
- “බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් .
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්