මධ්‍යම පළාත් ක්‍රීඩා කඹ ඇදීමේ ශුරතා මහනුවරට
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර ලෙස පැවත් වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ තරගාවලියේ දී ද්විත්ව ශුරතාවයන් හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත්විය.
මෙම තරගාවලියේදී පිරිමි ශුරතාවය මෙන්ම කාන්තා ශුරතාවය ද හිමිකර ගැනීමට මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය. මධ්‍යම පළාතේ මහනුවර ,මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් මෙම තරඟාවලිය සදහා පිරිමි හා කාන්තා කණ්ඩායම් සහභාගී වූ අතර , තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී මහනුවර කණ්ඩායම විසින් මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් ශුරතාවය දිනා ගැනීමට සමත් විය.
කාන්තා තරගයේ දී මාතලේ කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර මධ්‍යම පළාත් කඹ ඇදීමේ කාන්තා ශුරතාවය දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. මෙම කණ්ඩායම නොකඩවා වසර තුනක් මධ්‍යම පළාත් ශුරතාවය හිමිකරගෙන ඇති අතර , 2023 වර්ෂයේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත් කණ්ඩායම වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියේ අනු ශුරතා ද්විතවයම මාතලේ දිස්ත්‍රික්කය කණ්ඩායමට හිමි විය. මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට මහනුවර ,මාතලේ හා නුවරඑලිය දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරින් ,ක්‍රීඩා නිලධාරින් ඇතුළු පිරිසක් එක් වූ අතර තරග සම්බන්ධිකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් කටයුතු කරන ලදී.මෙම තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණ.
‘මහනුවර පොත් දැක්ම 2024’ ඇරඹේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරනු ලබන ‘මහනුවර පොත් දැක්ම 2024’ මහනුවර සිටි සෙන්ටර්හීදී පසුගියදා (01) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් ආරම්භ කෙරිණි. ‘පැණ සර ලොවකට පියාපත්’ යන තේමාව යටතේ මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පමණක් දෙවැනි වන මෙම පොත් ප්‍රදර්ශනය සඳහා දිවයිනේ ප්‍රධානතම පොත් ප්‍රකාශකයින් ඇතුළුව ප්‍රකාශකයින් පණහක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.මෙම ප්‍රදර්ශනයට සමගාමීව පොත් එළි දැක්වීම, විශේෂ දේශන ආදිය ද සංවිධානය කර ඇති අතර විශේෂ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට පාඨකයින්ට අවස්ථාව සළසා ඇත.මෙම ප්‍රදර්ශනය විවෘත කරමින් අදහස් දැක් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා, පාසල් දරුවන්, දෙමාපියන් ඇතුළු සමාජයම තරගකාරි අධ්‍යපන රටාවක් පවතින පොත් කියවීම ඈත්වී යන අවස්ථාවක මහනුවර පොත් දැක්ම සංවිධානය කරමින්, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් ලබා දෙන දායකත්වය, මධ්‍යම පළාත හා රජය ලෙසින් ඊට ප්‍රණාමය හා ගෞරවය පුද කර සිටින බව සඳහන් කළේය.ආර්ථික අර්බුදය පවතින මෙවැනි වකවනුවක පොත් මුද්‍රණය කිරීමත් අභියෝගයක් වන අවස්ථාවක මෙවැනි පොත් ප්‍රදර්ශනයක් සමාජගත කරමින්, සහනදායි මිලකට පොත්පත් ලබා දෙමින් සමාජයට කරනු ලබන සේවය ද අගය කරන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ( මහනුවර/මාතලේ දිසා භාර) මහින්ද දිසානායක, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර, ලේකම් දිනේෂ් කුලතුංග, භාණ්ඩාගාරික අතුල ජයකොඩි ඇතුළු සංගමයේ සාමාජිකයින්, කැන්ඩි සිටි සෙන්ටර් ජ්‍යෙෂ්ඨ කළමනාකරු මාධව ජයසිංහ යන මහත්වරුන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේංසිහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මධ්‍යම පළාත් පැසිපන්දු තරගාවලියේ ද්විත්ව ශූරතා මහනුවරට.
කාන්තා හා පිරිමි ශූරතා ද්විත්වයම මහනුවරට දිනා දෙමින් 48 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති මධ්‍යම පළාත් අන්තර් දිස්ත්‍රික් පැසිපන්දු තරගාවලිය පසුගියදා මහනුවර මහා නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.මධ්‍යම පළාතෙන් ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම පැසිපන්දු තරගාවලිය සංවිධානය වී පැවති අතර, පිරිමි අවසන් තරගයේ දී නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. කාන්තා අවසන් තරගයේදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් මහනුවර කණ්ඩායම ශුරතාවය හිමි කර ගන්නා ලදී. මධ්‍යම පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ආර්. තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගියදා පැවති අතර තරග සම්බන්ධීකරණ නිලධාරි ලෙස ක්‍රීඩා නිලධාරී මුදිත බණ්ඩාර කටයුතු කරන ලදී.
මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රන්නාදු පදක්කම් දෙකක් දිනා ගනි.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති 37 වන ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රන්නාදු පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.
වසර ගණනාවක සිට ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල වලදී විශිෂ්ට දක්ෂතා දක්වන ඇය මෙම තරගාවලියේදී මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම හා මීටර් 100 ඉසව් නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් මහනුවරදි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (26) පැවැත්විය.
මෙහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සහ මහකොමසාරිස්වරයා අතර අදහස් හුවමාරු වූ අතර, මධ්‍යම පළාතේ වාණිජමය මට්ටමෙන් සිදු කරනු ලබන කිරිගව පාලනයට හා නිෂ්පාදනය වැඩි කිරිමටත් කර්මාන්ත නගා සිටුවිම සදහා ලබා දිය හැකි තාක්ෂණික උපදෙස් හා දායක්වය ලබා දිමට කටයුතු කරන බව මෙහිදි අදහස් දැක්වු මහකොමසාරිස්වරයා පැවසිය.
මෙම සුහද හමුව අවසානයේදී දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර සහකාර ලේකම් (වැඩබලන) මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, ආණ්ඩුකාර, සම්බන්ධිකරණ ලේකම් පි.එන්. විජයරත්න යන මහත්වරුන් ද එක්වි සිටියහ.
- “සමුපකාර කොමිසම ගමට” ජංගම සේවා වැඩසටහන දඹුල්ලේදී
- නැණමිහිර ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාව මහනුවර මහමායා බාලිකා විදුහලේදී.
- හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව මගින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද නෙළුම් මල් දන්සල ශ්‍රී දළදා මාළිගාව අසල දී.
- මධ්‍යම ආණ්ඩුකාරවරයා , සරසවි දරුවන් ,මහනුවර විවෘත බාලදක්ෂයන්, පාසල් සිසුන් හා රාජ්‍ය සේවකයින් සමගින් පොසොන් බැතී ගී ගායනයේ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්