දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට සිව් දින පුහුණුවක්.

දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමට සිව් දින පුහුණුවක්. මධ්‍යම පළාත් සමාජ සුබසාධන හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමෙන්තුව විසින් මධ්‍යම පළාතේ දෘශ්‍යාබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමේ සඳහා දෙවන වතාවටත් සංවිධානය කළ චලතාවය හා දිශානතියසිව්දින නේවාසික, ප්‍රායෝගික පුහුණු වැඩ සටහන, ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ පුහුණු මධ්‍යසේථානයේදී (07) දින දක්වා පැවැත්විණි.මෙම පුහුණු වැඩසටහන පූර්ණ දෘෂ්‍යාබාධිත හා අතර මගදී දෘශ්‍යාධිත තත්ත්වයට පත් වූ පාසල් සිසු දරුවන් සහ වැඩිහිටි පුද්ගලයීන් පනසේ දෙනෙකුගේ කණ්ඩායමක් වෙනු වෙන් සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස දෘෂ්‍යාභාධිත හා දෘෂ්‍යාභාධිත නොවන ජාතික මට්ටමේ පුහුණුකරුවන් විසින් ලබා දෙන ලදි.මෙම වැඩසටහනේදී දෛනික මෘදු කුසලතා සංවර්ධනය කිරීම, දිශානතිය හා චලතාවය (සුදු සැරයටි පුහුණුව), Screen Reader (පරිගනකය) සහ Android දුරකථන පුහුණුව, චෙස්, දාම්, ඩොමිනෝසේ,බ්‍රේල් මධ්‍යයෙන් සකසේ කරන ලද කඩදාසි කුට්ටම් හා ඒ ආශ්‍රිත ක්‍රීඩා පුහුණුව, ධනාත්මක ආකල්ප සංවර්ධනය පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කෙරිණි.මෙම වැඩසටහනට සමගාමීව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක්, මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, දුම්රියපොල වේදිකාව හා දුම්රිය පරිශ්‍රය පරිහරණය සහ මහනුවර වැව රවුමේ පදික මංතීරුව පරිහරණය කිරීම පිළිබඳව පැවැත්විය.මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සී.කේ.ගුණරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩසටහන සංවිධානය කරන ලදි.මෙම පුහුණුව වැඩසටහන අවසානයේදී පුහුණූලාභින් සදහා සහභාගීත්ව වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.මෙම අවස්ථාව‍ට මධ්‍යම පළාත් සෞබ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා, මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ආලෝකා සමරදිවාකර මහත්මිය සහ පිරිසක් සහභාගී වුහ.

කඳුරට කුසලාන මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හිමිකර ගනී.

කඳුරට කුසලාන මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හිමිකර ගනී. මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 03දින පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. ආරක්‍ෂිත සමාජයක් උදෙසා බුද්ධිමය කතිකාවක් ගොඩනැගීමත්, පාසල් දරුවන්ගේ දැනුම, කුසලතාවය හා ආකල්පයන් ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජ ප්‍රගමයට පදනමක් ගොඩනැගීම අරමුණුව කාලින වූ තේමාවක් පදනම්කරගෙන මෙම පාසල් විවාද තරගාවලිය සංවිධානය කොට පැවති අතර , පළාතේ පාසල් 32ක් නියෝජනය කරමින් මෙම තරගාවලිය අදියර තුනක් යටතේ පවත්වන ලදී. තරගාවලියේ අවසන් තරගය සදහා මහනුවර උසස් බාලිකා විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම් සුදුසුකම් ලබා පැවති අතර “මත්ද්‍රව්‍ය නිවාරණයෙහිලා මත්ද්‍රව්‍ය ප්‍රචාරණයේ හි නුතන ප්‍රවණතා පිළිබදව පාසල් දරුවන්ගේ දැනුම ප්‍රමාණවත් වේ, නොවේ” ලෙසින් යෝජක හා ප්‍රතියෝජක කණ්ඩායම් මෙහිදී තරග කරන ලදී. මෙහිදී කදුරට කුසලාන සමගින් මධ්‍යම පළාත් පාසල් විවාද තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය. අනුශුරතාවය උසස් බාලිකා විද්‍යාලය සතු වූ අතර තරගාවලියේ දක්ෂතම කථිකයා ලෙස විද්‍යාර්ථ විද්‍යාලයේ කවිදු ෆොන්සේකා පිදුම් ලැබිය. මෙම වැඩසටහනට සමගාමිව මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව , ඒ සදහා යොදා ගන්නා උපක්‍රම, දරුවන් ඉන් මුදවා ගැනීමට මගපෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් වූ විශේෂ දේශනය අන්තරායක ඔෳෂධ ජාතික පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ, කථිකාචාර්ය ඉසුරු සමරකෝන් මහාතා විසින් සිදුකරන ලදී. මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සී.කේ.ගුණරත්න මහත්මියගේ උපදෙස් මත, මහනුවර විවාදක සංසදයේ දායකත්වයෙන් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සෞබ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,මහනුවර විවාදක සංසදයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට.

‘මැදරට විස්කම් දෑත්’ දකින්න අද සිට. මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිවෘද්ධිය උදෙසා සංවර්ධනය කරන ලද ‘මැදරට විස්කම් දෑත් 2025’ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය, සජීවීකරණ වැඩසටහන මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි (01) ආරම්භ විය. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන් ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම අලෙවි ප්‍රදර්ශනය අ‍ප්‍රේල් මස 02 සහ 03 යන දෙදින ද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව පවති. මෙහිදි මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර රැසක ශිල්පීන් විසින් නිෂ්පාදන කරනු ලබන හස්ත කර්මාන්ත නිෂ්පාදන මිලදී ගැනීමත් ඒවා නිෂ්පාදනය කරනු අයුරු දැක බලා ගැනීමටත් අවස්ථාව සලසා ඇත. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ලලිත කලා අධ්‍යයන අංශයේ, අංශාධිපති මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් එක් වුහ.

ස්පයිසී ගැලරී -2025 වෙළෙද ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි.

දේශීය කුළුබඩු භාවිතය ජනතාව අතර ප්‍රචලිත කිරීම හා කුළුබඩු ආශ්‍රිත කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ලද ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery 2025) වෙළෙද ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි (29) ආරම්භ විය. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙහිදී කුළුබඩු, කුළුබඩු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන , නව නිෂ්පාදන හා විදේශීය වෙළදපොල ඉලක්කව සිදුකරනු ලබන ව්‍යාවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවිය සදහා පහසුකම් සලසා දී තිබිණී. මෙම අලෙවි ප්‍රදර්ශනය මාර්තු මස 30 සහ 31 යන දෙදින ද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයංශයේ ලේකම් මධුපානී පියසේන, මධ්‍යම පළාත් ප්‍රධාන පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, ඒම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන්, මහනුවර හෝටල් පාසලේ විධායක අධ්‍යක්ෂ දුලේන්ද්‍ර හේරත් යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.

ස්පයිසී ගැලරී -2025

ස්පයිසී ගැලරී -2025 (Spicy Gallery ) වෙළෙද ප්‍රදර්ශනයට සමගාමීව මධ්‍යම පළාතේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් කුළු බඩු ආශ්‍රිත ආහාර සකස් කිරීමේ තරගයක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදි (29) පැවැත්විණි. මධ්‍යම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන විසින් වැඩසටහන සංවිධානය කරන ලදි. මේ සදහා සහභාගීවූ පාසල් සිසු සිසුවියන්ට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරුණු අතර දේශීය කුළුබඩු භාවිතය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් සබරගමුව විශ්වවිද්‍යාලයේ සුලෝචනා සෙනවිරත්න මහත්මිය විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යයංශයේ ලේකම් මධුපානී පියසේන, මධ්‍යම පළාත් ප්‍රධාන පළාත් කර්මාන්ත අමාත්‍යංශය ලේකම් චරිතා ඉලංගකෝන්, කර්මාන්ත සංවර්ධන හා ‍ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, ඒම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන්, මහනුවර හෝටල් පාසලේ විධායක අධ්‍යක්ෂ දුලේන්ද්‍ර හේරත් යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook