මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙන් ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන් මාලාවක්.
ඉකුත් 01 දිනට යෙදී තිබූ ජලමූලාශ්‍ර සංරක්ෂණ දිනය නිමිති කරගෙන මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව හාරගම පෙරමුසු අංගනයට යාබදව උණ පැළ රෝපණය කිරීමක් සිදු කෙරිණ.
ඉකුත් 02 හා 03 දින යෙදී තිබු ජෛව විවධත්ව සංරක්ෂණ දිනය හා පරිසර පවිත්‍ර කිරීමේ දිනයට සමගාමීව අමාත්‍යාංශ පරිශ්‍රයේ වැඩසටහන් මලාවක් ද ක්‍රියාත්මක කෙරිණ.
අද දිනට යෙදි තිබු රුක් රෝපණ හා ජගත් පරිසර දින සැමරුමට සමගාමීව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව අඹ පැළ රෝපණය කිරීම ද සිදු කෙරිණ.
සිරිපාද පුද බිමේ නොදිරන කසල ද්‍රව්‍ය එකතු කිරීමේ ශ්‍රමදානයක් පසුගිය 28 දින මධ්‍යම පළාත් , පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පැවැත්විණි.
මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සිරිපාද පුදබිමේ කසල එකතු කිරීමට සිදුකරන්නාවූ දැවැන්ත සේවාව අගය කිරීමක් ලෙස එම සභාවේ නිලධාරීන් සමග පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් , ගණකාධිකාරී, නුවරඑළිය සහකාර කොමසාරිස් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මධ්‍යම පළාත් සභාවේ යාන්ත්‍රික ඉන්ජිනේරු ඒකකයේ නිලධාරීන් පිරිසක් ඇතුළු පළාත් සභා නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
මේ සඳහා හැටන් නගර සභාවේ දායකත්වය ද ලැබුණි .ඊට අමතරව නුවරඑළිය ප්‍රාදේශීය සභාව, නොර්වුඩ් ප්‍රාදේශීය සභාව හා ආගර පතන ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන් සහ නිලධාරීන් පිරිසක් ද එකතු විය.
මධ්‍යම පළාත් පාලන ආයතනවල පෙට් බෝතල් එකතු කර ප්‍රතිචක්‍රිකිරීමේ සත්කාරයට දායක වන eco spindles ආයතනය සහ පරිසර කටයුතුවලට දායකත්වය දක්වන හේමාස් ආයතනයද ශ්‍රමදාන වැඩසටහන සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව සමඟ එකතු විය.
"සහ කම්පනයෙන් සුරක්ෂිත වූ සංස්කෘතියක් උදෙසා අනාගතය " මැයෙන් මනෝ සමාජීය සංවර්ධන වැඩසටහනක්.
මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට තිබු මෙම වැඩසටහන පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පිඨ පරිශ්‍රයේදී පසුගිය 31 වනදා පැවැත්විණ.
මෙහිදී අභිප්‍රේරණය පිළිබඳ උපදේශක මනෝවිද්‍යාඥ, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ
ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් විශේෂ දේශනයක් අධ්‍යාපන විද්‍යා පීඨයේ නේවාසික ශික්ෂණලාභී ගුරු භවතුන් 389ක් ඉලක්ක කර ගනිමින් පැවැත්විණි.
මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට මහත්මිය, මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපතිතුමිය හා කථිකාචාර්ය මණ්ඩලය සහභාගී විය.
ජගත් පරිසර දිනයට කොස් පැල 200 ක් හා මී පැල 200 ක් සිටවීමේ ජාතික වැඩසහටහන මයිලපිටිය ලක්පහන විද්‍යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඵලදායී භූමි පරිහරණයත් , සුවදායි දෙරණක් මැයෙන් ජගත් පරිසර දිනයට සමගාමීව කොස් පැළ දෙසීයක් හා මි පැළ දෙසීයක් සිටවීමේ ජාතික වැඩසටහන මයිලපිටිය ලක්පහන විද්‍යාල භූමි පරිශ්‍රයේදී අද දින (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන සතුන් වෙනුවෙන් දහම් හඩ බෞද්ධ ජාත්‍යන්තර සංවිධානය විසින් සංවිධානය කොට තිබිණ.
අධ්‍යාපනයෙන් ගොඩනැගිය යුත්තේ විනය බවත් එහිදී පරිසරය රැකගැනීම පරිසරයට ආදරය කිරීමට දරුවන් කුඩා කල සිටම පුරුදු පුහුනු කල යුතු බවත් කොස් මාමා ලෙස හැඳින්වෙන ආතර් වී දියස් මහතා පිළිබඳව ද එතුමාගේ යහපත් සංකල්පය පිළිබඳවද එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවද තව පැවසිය.
මෙම අවස්ථාව සඳහා විද්‍යාලීය විදුහල්පති ආර්. එම්. සමරකෝන් බණ්ඩා අැතුලු ගුරු මඩුල්ල, දේව ගැති තුමන් ප්‍රජා පොලිස්ලි ස්ථානාධිපති, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ලක්පහන පාසල් සමානලාභී ඩබ්ලිව් චන්ද්‍රරත්න මහතා ,සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ නිල දරුවන්ද ඇතුළු රාජ ්‍ය නිලධාරීන් පිරිසක් ද ෙම් සදහා සහභාගී විය.
ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනය සැමරේ.
ඵලදායී භූමි පරිහරණයක්, සුවදායි දෙරණක් මැයෙන් ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමිව මහනුවර මහ නගර සභාව සංවිධානය කල රුක් රෝපණ වැඩසටහන (05) දින මහනුවර වැව රවුම වටා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මහනුවර නාගරික කොමසාරිස් ඉංදිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට එක්විය.
- නාරම්පනාව හා ශානිකා මධ්‍යම පළාත් ඇවිදීමේ තරගය ජයගනී.
- අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාවකාලිකව සිසුන් ඈතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහන නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදි .
- මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) තනතුර සදහා සී. කේ. අමරකෝන් මහත්මිය පත් කෙරේ
- ජගත් පරිසර දිනයට තෙල්දෙණියේ නගරයේ රුක් රෝපණ වැඩසටහනක්.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්