ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවතින පළාත් හා ජාතික මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණී. ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය. මෙහිදී ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සඳහා බලපා ඇති වැලි හා පස් ලබා ගැනීම හා ප්‍රවාහනය, විධිමත් පරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා ගැනීම හා ප්‍රදානය, පසුගිය කාලයේ සිදුකළ ඉදිකිරීම් සම්බන්ධයෙන් හිඟ මුදල් ලබා ගැනීම, අමුද්‍රව්‍ය මිල සහ සේවක වැටුප් ඉහළ යාම, මධ්‍යම පළාතේ ඉදිකිරීම් සිදුකිරීම ආදී සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා ජාතික ඉදිකිරීම් සංගමයේ මධ්‍යම පළාත් කාර්යාලයේ සභාපති එස්. ඩබ්ලිව්. ගුණවර්ධන, ලේකම් ඊ. බණ්ඩාරනායක, භාණ්ඩාගාරික කේ. ඒ. ඒකනායක යන මහත්වරු ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

පළාතේ අධ්‍යාපන සංවර් ධනයට පේරාදෙණිය සරසවියේ සහාය.

පළාතේ අධ්‍යාපන සංවර් ධනයට පේරාදෙණිය සරසවියේ සහාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ම මහතා අතර හමුවක් ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණී. මධ්‍යම පළාතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් අවශ්‍ය සහාය ලබා ගැනීම සහ විශ්වවිද්‍යාලයේ වත්මන් අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා ප්‍රවණතා සම්බන්ධයෙන්, නව තාක්‍ෂණය යොදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරීණී. මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා ද එක් වූහ.

මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මහනුවරදී..

‘මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මහනුවරදී.. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගමය සහ මහනුවර දිස්ත්‍රික් සංගමය එක්ව වාර් ෂිකව සංවිධානය කරනු ලබන ‘මිස්ටර් කැන්ඩි 2025’ කායවර්ධන තරගාවලිය මෙවරත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාර‍යේ දී (22) පැවත්විණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්විණි. මෙම තරගාවලිය කාන්තා පිරිමි වශයෙන් තරග අංශ, බර පන්ති කිහිපයක් යටතේ සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගම‍යේ ලේකම් කේ.එව්. කපිල කුමාර, මහනුවර දිස්ත්‍රික් කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සංගම‍යේ සභාපති ආර්.එම්. බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කාය වර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක් වූහ.

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ එහි එක්සත් තොග වෙළෙඳ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මධ්‍යම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ එහි එක්සත් තොග වෙළෙඳ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකර කාර්යාලයේදී (21) පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ පවතින කෙටි හා දිගු කාලින ගැටලු සම්බන්ධයෙන් වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදුකරන ලදී. එමෙන්ම එම ගැටළු සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ද වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් ඉල්ලා සිටි ලදී. මෙම අවස්ථාව සඳහා කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ එක්සත් තොග වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා, ලේකම් සමන් වීරසේකර යන මහත්තුරු ඇතුළු නියෝජිතයින් පිරිසක් එක් වූහ.

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමගාමීව පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක්

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමගාමීව පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (21) දින පැවැත්විණී. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී පොදු ස්ථාන පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම යටතේ උඩරට දුම්රිය මාර්ගය හා දුම්රිය ස්ථාන, ගම්පොළ රත්තොට සහ මහනුවර නගරය තෝරාගෙන ඇත. ඒ අනුව තෝරාගෙන ඇති එම ස්ථාන ආශ්‍රිතව පරිසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීම, වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ මහත්මිය, මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අබේරත්න මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook