යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා කුණ්ඩසාලේදී ,

යොවුන් දහම් සක්මන වැඩසටහන, පෙබරවාරි 14 දා කුණ්ඩසාලේදී , පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් මත දිවයින පුරා මහමෙවුනා භාවනා අසපු කේන්ද්‍ර කොට වාර් ෂිකව සංවිධානය කරනු ලබන යොවුන් සදහම් සක්මන සදහම් වන්දනා භාවනාමය වැඩසටහන මෙවර පෙබරවාරි මස 14 දින කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය. 2016 වර්ෂයේ දී ආරම්භ කළ අතර මෙම වැඩසටහන තාරුණ්‍ය මුල් කොට දිවයින පුරා ස්ථාන කිහිපයක පැවැත්විණි. දස වන ‘යොවුන් දහම් සක්මන 2025’ වැඩසටහන, සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (21) අද පැවති දැනුවත් කිරීමේ සාකච්ඡාවේ දී ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ නාලන්දේ පවර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සිදු කළහ. මෙවර ද මෙම වැඩසටහන සඳහා පාසල් හා විශ්වවිද්‍යාල, උසස් තාක්ෂණ ආයතනවල සිසුන්, පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන් ඇතුළු දිවයින පුරා සිටින තරුණ තරුණියන් මෙම වැඩසටහන සදහා සහභාගී කරගැනීමට සැලසුම් කර ඇත. පෙබරවාරි මස 15 දින මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති‘යොවුන් දහම් සක්මන 2025’ වැඩසටහන සඳහා තරුණ තරුණියන් 15000 කට අධික පිරිසකගේ සහභාගිත්වයක් අපේක්ෂා කරන බව මෙහි දී අනවරණය විය. මෙම සකච්ඡාව සඳහා කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවාසි මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහභාගී වුහ.

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට නවක සිසු දරුවන් ඇතුළත් කෙරේ....

මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට නවක සිසු දරුවන් ඇතුළත් කෙරේ.... මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට 2025 වර්ෂය සඳහා නවක සිසු දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ, නව නගරයේ පිහිටි මුල් ළමාවිය මධ්‍යස්ථානයේදී (21) පැවැත්විණි. මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකක විසින් සංවිධානය කළ මෙම උත්සවයේදී 2025 වර්ෂය සඳහා නවක සිසුන් 46 දෙනෙකු, මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීම සිදුවිණි. මධ්‍යම පළාතේ 3000 ක් පමණ පෙරපාසල් සඳහා ආදර්ශයක් සපයමින් 2024 වර්ෂයේ ජනවාරි 30 දින මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය මධ්‍යස්ථානය සිසුන් 09 දෙනෙකුගෙන් ආරම්භ කෙරිණි. ජාති, ආගම් භාෂා අනුව දරුවන් බෙදීමක් නොකර ‍නවීන තාක්ෂණික ‍ලෝවට ගැලපෙන නිපුණතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකික දරුවන් පිරිසක් මධ්‍යම පළාතේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොමු කිරීම හා මුල් ළමාවිය මධ්‍යස්ථාන ආදර්ශය සැපයීමේ අරමුණ ඇතිව මෙම ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් මුල් ළමාවිය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක මහතාගේ සංවිධානයෙන් මුල් ළමාවිය සංවර්ධන ඒකක විසින් මෙම වැඩසටහන ක්‍රියත්මක කෙරේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහා‍පොල, මධ්‍යම පළාත් සමාජ සුබ සාධන පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ඩී.එම්.සී.කේ ගුණරත්න යන මහත්ම මහත්මීන්, මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන කළමනාකරණ කමිටු සාමාජිකයින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සිසු දරුවන් පිරිසක් එක් වූහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තානාපතිනිය අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තානාපතිනිය අතර හමුවක්... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ප්‍රංශයේ මෙරට තනාපතිනි මාරී නොයෙල් ඩුරිස් (Mrs Marie Noelle Duris) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (20) දින පැවැත්විණි. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තනාපතිවරිය අතර දෙරට අතර එෛතිහාසික පවතින මිත්‍රත්වය හා සබඳතා උසස් අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක හා තාක්ෂණ ක්ෂේත්‍රය ආදී කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදු කෙරිණි. එමෙන්ම ප්‍රංශ රජයේ අනුග්‍රහය යටතේ මෙරට තුළ පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම ඇතුලු කරුණු සම්බන්ධයෙන්ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ප්‍රංශ තානාපතිනිය වෙත සමරු සිහිවටනයක් ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ද එක් වූවාය.

වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ.

වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ. Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමිව මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කෙරෙන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහන (17) මධ්‍යම පළාතේ පිහිටි පළාත් පාලන ආයතන සියල්ල මගින් ආරම්භ කරන ලදී . පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය ප්‍රමුඛ කොටගත් “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හා වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ දී ක්‍රියාත්මක වූ අතර එම අවස්ථාව සදහා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ද එක්විය. වත්තේගම නගර සභාවේ ලේකම් ප්‍රියන්ත මඩුගල්ල මහතාගේ හා පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉනෝකා කුලතුංග මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට මැදදුම්බර එක්වේ.

“පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහනට මැදදුම්බර එක්වේ. මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමිව සංවිධානය කරනු ලබන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහන (17) මධ්‍යම පළාතේ පිහිටි සියලු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයන්හි දී ආරම්භ කරන ලදී . පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය මුලික කොටගත් “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී අද දින ක්‍රියාත්මක කෙරිනි. මැදදුම්බර ප්‍රාදේශීය සභාව , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , කලාප අධ්‍යාපන කාර්යාලය , පෞද්ගලික ආයතන , වෙළද සංගමය , පාසල් ප්‍රජාව එක්ව මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදෙන ලද අතර එම අවස්ථාව සදහා සහකාර පළාත් පාලන කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක , ප්‍රාදේශීය ලේකම් නුවන් සි හේමකුමාර , ප්‍රාදේශීය සභා ලේකම් චාමින්දි අමදෝරු , සමාජ ක්‍රියාකාරී රවිදු උස්වැටකෙයියාව ,ගුරු උපදේශක පියල් වීරසේකර යන මහත්ම මහත්මින් ද එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook