ග්‍රාමාභිමානී 2024 අලෙවි සහ විලාසිතා දැක්ම මහනුවර සහස් උයනේදී මෙවරත්.

ග්‍රාමාභිමානී 2024 අලෙවි සහ විලාසිතා දැක්ම මහනුවර සහස් උයනේදී මෙවරත්. ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ අලෙවි පොළක් සහ සැමරුම් උලෙළක් (06) දින මහනුවර සහස් උයන පරිශ්‍රයේදී මධ්‍යම පලාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ සහ විවිධ කෙටිකාලීන පුහුණු වැඩසටහන් යටතේ පුහුණුව ලද කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සහිත අලෙවි කුටි විශාල ප්‍රමාණයක් එම පරිශ්‍රය තුල දිනය පුරා පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත්තව තැබුණු අතර ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති කාන්තා සංවර්ධන මධ්‍යස්ථානවල පුහුණු ලාභීන්ගේ ඇදුම් නිර්මාණ ඇතුළත් විලාසිතා දැක්මක් සහ එම පුහුණුලාභීන් ඇගයීමක්ද සිදුකෙරිණි. මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන සතිය නිමිත්තෙන් පැවති එම උලෙළ සදහා මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සරන්යා වී.එස්. මහත්මිය, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උපේක්ෂා විජේසිංහ යන මහත්මීන් ඇතුළු අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සංවර්ධන සමිති හා ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බලමණ්ඩල සමාජිකයින් රැසක් ද සහභාගීව සිටියහ.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන එන්.කේ.ඒ.නිරෝෂා දමයන්ති මහත්මිය මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා පත් කිරීම (05) සිදු කරන ලදී. එම පත්වීම ලිපි ප්‍රධානය කිරීම ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය විසින් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරින.

මහනුවර නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්.

මහනුවර නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉන්දික උඩවත්ත මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (05) රාජකාරී අරඹන ලදි. 2003 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන ඉන්දික උඩවත්ත මහතා මුලින්ම සිය රාජකාරී අරඹන්නේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙසයි. අනතුරුව උහන සහකාර ප්‍රාදේශීය ලේකම් සහ උහන ප්‍රාදේශීය ලේකම් ලෙස ඔහු සේවය කොට තිබේ. ඉන් අනතුරු මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන ඒ මහතා යටිනුවර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් තනතුරු ද හොබවා ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට පෙර ඒ මහතා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වශයෙන් කටයුතු කරමින් සිටියේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඉන්දික උඩවත්ත මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ද හිමිකර ගෙන තිබේ. මීට අමතරව උඩවත්ත මහතා රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දෙස් විදෙස් පුහුණු අවස්ථා රැසක්ම ගෙන රාජ්‍ය සේවය පිළිබඳව අත්දැකීම් රැසක් හිමිකර ගත් නිලධාරියෙකි. ග්‍රන්ථ කර්තෘවරයක් හා සාහිත්‍යකරුවෙකු වන ඒ මහතා අම්පාර රජගලතැන්න මහ විද්‍යාලය, අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසල සහ නිට්ටඹුව සංඝබෝධී මධ්‍ය මහ විද්‍යලයේ ආදි ශිෂ්‍යෙයකි. නව ධූරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවේ ආගමික වතාවත් සඳහා මල්වතු මහ විහාර පාර්ශවීය කාරක සංඝ සභික දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල හිමි ඇතුලු මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර හිටපු දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ද සුබ පැතීම සඳහා එක්ව සිටියේය. මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු රජයේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මහනුවරින් ඇරඹී ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’

මහනුවරින් ඇරඹී ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’ ජාතීන් අතර සහජීවනය වඩාත් ශක්තීමත් කිරීමේ අරමුණින් පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ‘තිරසර සංහිද සහ සහජීවනය 2024 ’ වැඩසටහන මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් (05) දින පවැත්විණි. මෙම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව, මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සමාජ විද්‍යා අංශයේ අනුග්‍රහයෙන් මහනුවර කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව විසින් සංවිධානයෙන් පවත්වන ලදි. මෙහිදි ජාතීන් අතර සංහිදියාව ප්‍රවර්ධනය වන අයුරින් සජීවි සිතුවම් නිර්මාණය කිරීම, වීදී නාට්‍ය, ගායන ඉදිරිපත් කිරීම, සමාජ සංවාද, තූර්ය වාදන සංදර්ශන හා පාද යාත්‍රා යන වැඩසටහන්, මහනුවර සහස් උයන, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය, රැජින හෝටලය ඉදිරිපිට යන ස්ථානවල දී සිදු කෙරිණි. මෙම වැඩසටහන් අවසානයේ ඊ‍ට දායක වූ සිසු සිසුවීයන් පිරිස ඇගයීම සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම මහනුවර සහස් උයන පරිශ්‍රයේදි සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මඩුගල්ලේ පඤ්ඤාසාගර හිමි, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) ධම්මිකා රත්නසුරේන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.ඩී.ඩි. ප්‍රියදර්ශනි, ගුරු උපදේශක තිසරි තේජනී යන් මහත්මීන්, ඇතුළු ගුරු භවතුන් සිසු දරුවන් පිරිසක් එක් වූහ.

පළාත් සමුපකාර කොමිසමට නව සභාපතිවරයෙක්.

පළාත් සමුපකාර කොමිසමට නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එච්.එම්.පී. පුංචිබණ්ඩා මහතා පසුගියදා (05) පත් කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී පිරිනමන ලදී. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ I ශ්‍රේණියේ විශ්‍රාමික නිළධාරියෙක් වූ එච්.එම්.පී. පුංචිබණ්ඩා මහතා මධ්‍යම පළාත් සභාවේ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් අවසන් වරට සේවය කළේය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook