රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී ඔනිකාට පදක්කම් ද්විත්වයක්
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද 20 වන සමස්ත ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රනාන්දු පදක්කම් ද්විත්වයක් හිමිකර ගැනීමට සමත්විය.
මෙහිදී තරග ඇවිදීමේ ඉසව්වෙන් රිදී පදක්කමත් , මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමත් දිනා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් විය. මෙම තරගාවලිය පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද 20 වන සමස්ත ලංකා රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලියේ දී මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඔනිකා ප්‍රනාන්දු පදක්කම් ද්විත්වයක් හිමිකර ගැනීමට සමත්විය.
මෙහිදී තරග ඇවිදීමේ ඉසව්වෙන් රිදී පදක්කමත් , මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමත් දිනා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් විය. මෙම තරගාවලිය පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත් ආර්ථික සංවර්ධන ආයතනය සඳහා(REDA) නව සභාපතිවරයෙක්.
මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ධුරය සඳහා ආනන්ද එච්. ස්ටීවන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී.එස් .අබයකෝන් මහතා විසින් පත්කොට ඇත.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ 154 (ඇ) වගන්තිය යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම සිදුකොට ඇති අතර පසුගියදා (29) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම පත්වීම් ලිපිය පිරිනමනු ලැබීය.අභිනව සභාපති ධුරයට පත් ආනන්ද එච්. ස්ටීවන් මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කොට ඇති අතර ශ්‍රී ලංකා තානාපති සේවයට අදාලව තානාධිපති කාර්යාල රැසක සේවය කොට ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වේ.
සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස විශිෂ්ට සේවාවන් රැසක් රට දැය වෙනුවෙන් දායාද කොට ඇති ඒ මහතා ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි අයෙකු වේ.රට නව පුනරුදයක් වෙත යොමු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ මධ්‍යම පළාත තුළ ස්ථාපිත කරමින්, ජන ජීවිතය පරිවර්තනීය වෙනසකට භාජනය කිරීම හා එමගින් රටේ ප්‍රගමනය සඳහා මධ්‍යම පළාතෙන් වැඩි දායකත්වයක් ලබාදීමේ අපේක්ෂාව කටයුතු සිදු කරන බවත්, ඒ වෙනුවෙන් පූර්වාදර්ශයක් ලබා දීම සදහා වැටුප් , දීමනා කිසිවක් නොලබා ස්වෙච්ඡාවෙන් රාජකාරී කටයුතු වගකීමෙන් ඉටු කිරීම තම අපේක්ෂාව බව මෙහිදී ආනන්ද එච්. ස්ටීවන් මහතා ප්‍රකාශ කළේය.
තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ උළෙල “විදුහල්පති හරසර”.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් විශිෂ්ට ජයක් අත් කර ගත් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහනක් (25දා) කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සසංක තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් දිගන අරලිය හෝටලයේදී පැවැත්වින.
“විදුහල්පති හරසර”ලෙස නම් කොට පැවති මෙම ඇගයීම් වැඩසටහනේ දී අ. පො. ස (සා/පෙළ) ප්‍රථිපල සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් උපහාර පිදීම සිදුවූ අතර, කලාපයේ සාමාන්‍ය පෙළ විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසල් 49ක විදුහල්පතිවරුන් ඇගයීමට ලක් කෙරිණ.
මෙවර (2023) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාධනයෙන් තෙල්දෙණිය කලාපය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ කලාප 100 අතරින් 41 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. පසුගියවර 95 වන ස්ථානය ලබා සිටි මෙම කලාපය කලාප 54ක් පසුකරමින් මෙම ජයග්‍රහණය අත් කර ගැනීම විශේෂත්වයකි.
එසේම මධ්‍යම පළාතේ පවතින අධ්‍යාපන කලාප 15 අතරින් හයවන ස්ථානය හිමිකර ගැනීමටත් තෙල්දෙණිය අධ්‍යාපන කලාපය සමත්ව ඇත. මෙම දක්ෂතාවය පෙන්නුම්කර ඇත්තේ සමත් ප්‍රතිශතය 75.59%ක් ලෙස ලබා ගනිමිණි. පසුගිය වර්ෂයේ (2022 ) අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සාධනයෙන් සමත් ප්‍රතිශතය 65.04%ක් වූ අතර, මෙවර එම ප්‍රතිශතය 10.03%කින් වර්ධනය කර ගැනීමට සමත්ව, මධ්‍යම පළාතෙන් 14 වන තැනට පත්ව තිබූ තෙල්දෙණිය කලාපය මෙම විශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් මෙවර 06 වන ස්ථානයට පත්ව ඇත.
ඉතා කෙටි කාල පරාසයක් තුළ අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇතිකරලීම වෙනුවෙන් තෙල්දෙණිය අධ්‍යාපන කලාපය තුළ විවිධ වැඩසටහන් හා විශේෂාංග රැසක් ක්‍රියාත්මක කරමින් මෙකි ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවත් , කලාපයේ අඩු වාර විභාග ලකුණු පවතින සිසුන් හදුනාගනිමින් ඔවුන් සදහා විශේෂ සම්මන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම, සෑම විෂයකටම පාසල් බද්ධව විශේෂ සම්මන්ත්‍රණ සංවිධානය කිරීම, පහසුකම් අඩු පාසල් සදහා මානව හා භෞතික සම්පත් ලබාදීම හා පරිපාලන ක්‍රමවේද විධිමත් කරමින් අධික්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නිවැරදි ඇගයීම් ක්‍රම යොදාගැනීම වැනි ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ අධ්‍යාපන සාධන මට්ටම් ඉහළ නැංවීමට කලාපය තුළ කටයුතු යොදා පැවතීමෙන් මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට හැකි වූ බව තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සසංක තෙන්නකෝන් මහතා පවසයි.
කලාපයේ දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නිසි මග පෙන්වීම් ලබාදුන් විදුහල්පතිවරුන් , කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන්, ගුරු උපදේශක වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
සංචාරක දින සැමරුම මන්දාරම්නුවර දී
සොබා දහමේ අපුර්වතම දායාදයක් වූ මන්දාරම්නුවර සංචාරක කලාපයේ සුන්දරත්වය ලොවට එළිදක්වමින්, සංචාරක ආකර්ෂණය ගොඩනැංවීම සහ ශ්‍රී ලංකාව තුළ තිරසර සංචරණය (promoting sustainable tourism) ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2024 සංචාරක දිනයට සමගාමිව සංවිධානය කල ප්‍රවර්ධන වැඩසටහන පසුගිය 24 දින මන්දාරම්නුවර සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් පැවැත්විණි.
මන්දාරමිනුවර සංචාරක කවයේ ආරාධනාවෙන් මධ්‍යම පළාත් සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්‍යවරුන්ගේ සංගමයේ පුර්ණ දායකත්වයෙන් (CPTGLA) සහ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් සංවිධානය වූ මෙම වැඩසටහනට විවිධාංග රැසක් ඇතුලත් විය. කොලපතන, කබරගල සහ ඇතිනි යන සුන්දර දියඇලි නැරඹීමට ආරාධිත පිරිසයොමු කල අතර ඒ පිලිබදව මන්දාරම්නුවර සංචාරක කව සාමාජිකයන් විසින් දැනුවත් කිරීමට පියවර ගනු ලැබිය.
එහි සමාරම්භක අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පලාත් වෙළද, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්.යූ. නිශාන්ත, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් මිහිරාන් බණ්ඩාර , සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති .එම්, හේවාවසම් සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ වීර හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර එම කටයුත්ත මධ්‍යම පළාත් පලාත් වෙළද හා සංචාරක දෙපාර්තමේන්තුව, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව, මහනුවර මහ නගර සභාව, නුවරඑලිය මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක පොලිසිය, හඟුරන්කෙත පොලිස් ස්ථානය, මන්දාරම්නුවර පොලිස් ස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවලද සහයෝගයෙන් සිදුකෙරිණි.
මහනුවර සහ අනුරාධපුරය හෝටල් සංගම් , ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශවයන් රැසක් සහ දිවයිනේ ප්‍රසිද්ධ සංචාරක නියෝජිත ආයතන රැසක් ද මෙම සැමරුම් උළෙලට එක් විය.
රෝගී සත්කාරක සේවාවන් රැසක්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අබයකෝන් මහතාගේ සංකල්පයට අනුව පළාත පුරා සායන පැවැත්වීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කර ඇත. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් ඈත ගම්බද ප්‍රදේශ ආශ්‍රිත රෝගීන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති අතර, එහි ආරම්භක වැඩසටහන දික්ඔය දිස්ත්‍රික් රෝහලේ දී පසුගියදා පවත්වනු ලැබීය.
එම සායනයේදී රෝගීන් 345 දෙනෙකුගේ අක්ෂි පරීක්ෂාවන් සිදු කළ අතර, ඉන් 96 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කන්ණාඩි ලබා දුන් අතර , 215 දෙනෙකු ශල්‍යකර්ම වෙත යොමු කෙරිණි. පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් අධිකාරි මහතාගේ උපදෙස් පරිදි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතාගේ මෙහෙයවීමෙන් අක්ෂි විශේෂඥ වෛද්‍ය සමන් සේනානායක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම සායනය පැවැත්විණි. මෙම රෝගී සත්කාරක සේවාව මධ්‍යම පළාත තුළ පැවැත්වීමට සැළසුම් කර ඇති අතර, මෙම මස 26 වන සෙනසුරාදා විල්ගමුව ග්‍රාමීය රෝහලේ දී විශේෂ දන්ත සායනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
