පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ධීරානන්දයෙත්

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් ධීරානන්දයෙත් පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් මප/දෙනු ධීරානන්ද මහා විද්‍යාලයේ දී පසුගියදා (29) පැවැත්විණි. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතාගේ හා සෙසු නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම, සක්‍රියව පවත්වාගෙන යාම ,මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳ පාසලේ සිසුන් දැනුවත් කෙරිණි.දෙනුවර කලාපයේ මාධ්‍ය විෂය අධ්‍යක්ෂ සමන්ත බණ්ඩාර මහතාගේ සහයෝගය යටතේ පැවැත්වූ මෙම වැඩසටහනට විද්‍යාලයේ විදුහල්පති ඊ.ජේ.එම්.පී.ජී.ජී. බණ්ඩාර මහතා, මාධ්‍ය සමාජය භාර ගුරුභවතුන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නිළ වෙබ් අඩවිය එළිදකි

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ නිළ වෙබ් අඩවිය එළිදකි මධ්‍යම පළාත තුළ මගී ජනතාව වෙත තවදුරටත් කාර්යක්ෂම හා ඵලදායී ප්‍රවාහන සේවයක් සැපයීමේ අරමුණ පෙරදැරිව, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය, එහි නිළ වෙබ් අඩවිය එළිදැක්වීම 30 දින පල්ලෙකැලේ මගී ප්‍රවාහන සේවා අධිකාරී පරිශ්‍රයේදී සිදුකෙරිණි. https://www.tsa.cp.gov.lk/ නිළ වෙබ් අඩවිය ඔස්සේ මහජනයාට මගී ප්‍රවාහන සේවාවට අදාල තොරතුරු සඳහා පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලබා දී ඇති අතර එම සේවාව තවදුරටත් පුළුල් අයුරින් සිදුකිරීම සඳහා මෙය යොදාගැනීමට බලාපොරොත්තුවන බව, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති, ඩී.එම්.පී.කේ. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සව අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති, ඩී.එම්.පී.කේ. දිසානායක මහතා, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මදුපානි පියසේන මහත්මිය, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරී සාමාන්‍යාධිකාරී තුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සහ එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගිව සිටියහ.

මැදරට සංචාරක සංවර්ධන ප්‍රවර්ධනයට තීන්දු රැසක්

මැදරට සංචාරක සංවර්ධන ප්‍රවර්ධනයට තීන්දු රැසක් මධ්‍යම පළාත් සංචාරක සංවර්ධන මෙහෙයුම් කමිටු රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී (28) පැවැත්විණි.මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි සංචාරක ආකර්ශනීය ස්ථාන හා ගමනාන්තයන් ප්‍රචලිත කරමින්, පහසුකම් සංවර්ධනය කරමින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය පසුබිම හා තීන්දු තීරණ ගැනීම සඳහා මෙම මෙහෙයුම් කමිටුව පළාත් වෙළඳ, වාණිජ, හා සංචාරක දෙපාර්තමේන්තුවේ මෙහෙය වීම යටතේ සංවිධානය කෙරිණි. මෙම සංචාරක මෙහෙයුම් කමිටු රැස්වීමේදී ඉකුත් මෙහෙයම් කමිටු රැස්වීමේදි ගන්නා ලද තීරණවල ප්‍රගතිය විමසා බැලිමත් මෙවර කමිටුව සඳහා විවිධ අංශවලින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොමු කරන ලද යෝජනා, අදහස් හා ගැටළු පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කරන ලදි. මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා, 2018 දි සංචාරකයින් ලක්ෂ විසි තුනක් මෙරටට පැමිණි බවත්, කොවිඩ් වසංගතය හා රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් සංචාරක පැමිණිම අඩු වූ බවත්, 2030 වර්ෂය වන විට සංචාරකයින් මිලියන පහක් දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සංචාරකයින්ට අවශ්‍ය සියළු පහසුකම් සැලසීමේ වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බව අවධාරණය කළේය.මේ වසර අවසානය වන විට මිලියන දෙක ඉක්මවා යන සංචාරක පිරිසක් මෙරටට පැමිණේ යැයි අපේක්ෂා කළ බවත්, මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම මිලියන 1.4 ක මට්ටමක පවතින බැවින්, ඒ සතුටට කරුණක් බවත්, රට තුළ පවතින යටපත් තත්ත්වය ඊට හේතුව බවත්, මේ සඳහා කැපවූ සියලු දෙනා වෙත ස්තුතිය පළ කරන බවත් ආණ්ඩුකාරවරයා පැවසීය. මධ්‍යම පළාත තුළ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා තවදුරටත් පහසුකම් ලබාදීය යුතු, හඳුනා නොගත් නැරඹීමේ ස්ථාන ආදිය තවත් පිහිටා ඇති බවත්, ඒම ස්ථාන පසුගිය කාලයේ නිරික්ෂණය කිරීමත් සිදු කළ බවත්, එම ස්ථානයන් ද දියුණු කිරීමට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුකරවරයා අවධාරණය කලේය. මෙම මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, අධ්‍යාපන හා සංචාරක අමත්‍යාංශ ලේකම් මේනක හේරත්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.යූ. නිශාන්ත, මහාචාර්ය ඒම්.ඒස්.ඒම්. අස්ලම්, යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සංචාරක පොලිසිය, සංචාරක මාර්ගෝපදේශ සංගමයේ නියෝජිතයින්, සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය, සංචාරක මඟපෙන්වන්නන්ගේ සංගමය, හෝටල් සංගමයේ නියෝජිතයින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වූහ.

අපවත්වි වදාළ ඓතිහාසික ගන්නොරුව රජමහා විහාරය,උඩබෝමලුව පුරාණ විහාරයන්හී විහාරාධිපති,මල්වතු මහා විහාර පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය ,යටිනුවර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විචිත්‍රභාණී පූජ්‍යපාද අඹන්පොල ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ දේහය පිළිබදව අදාහන පූජෝත්සව

අපවත්වි වදාළ ඓතිහාසික ගන්නොරුව රජමහා විහාරය,උඩබෝමලුව පුරාණ විහාරයන්හී විහාරාධිපති,මල්වතු මහා විහාර පාර්ශවයේ විශේෂ කර්මාචාර්ය ,යටිනුවර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විචිත්‍රභාණී පූජ්‍යපාද අඹන්පොල ශ්‍රී සුමංගල නායක හිමියන්ගේ දේහය පිළිබදව අදාහන පුජෝතස්වය 24දා ගන්නොරුව රාජකිය විද්‍යාලයිය ක්‍රිඩාංගණයේදි සිදු කෙරුණි.මෙහිදි නාහිමියන්ගේ ආදහන පුජෝත්සවයේදි සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ශාසනික අභිවෘද්ධිය මෙන්ම, ගිහි ජනතාවගේ අධ්‍යාත්මික හා සමාජයීය පැවැත්ම උදෙසා මඟ පෙන්වීමට කැප වූ නායක හිමිපාණන් වහන්සේ, ථෙරවාදී බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම මධ්‍යම පළාතේ බෞද්ධ පුනරුදය උදෙසා කළ සේවාව අගය කරන බවය.ජාතික ශාසනික කාර්යයන් වෙනුවෙන් මෙන්ම තම ප්‍රදේශයේ ආගමික මෙන්ම සමාජයීය කටයුතු වලදී පුරෝගාමීව ක්‍රියා කළ නාහිමියන්ගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ සමස්ත රජයේත් මධ්‍යම පළාත් සභාවේත් සාතිශය සංවේගය පල කර සිටින බවද මෙහිදි පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසිය.සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි,අස්ගිරි විහාර පාර්ශවේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් ඇතුලු මහා සංඝරත්නය, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි ලකි ජයවර්ධන මහතා ප්‍රමුඛ ප්‍රදේශයේ දායක දායිකාවන් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් .

“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් . වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” මධ්‍යම පළාතේ විද්‍යා හා තාක්ෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය 20 හා 21 යන දෙදින එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සම්පත්දයකතාවයෙන් පැවැත්වුන අතර මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්විණ.ඔවුන් ලද දැනුමින් ප්‍රජාව බලශක්ති සංරක්ෂණයට හා කාර්යක්ෂම බලශක්ති භාවිතයට මෙන්ම පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය කෙරෙහි යොමු වීමට උපදෙස් දීම හා මගපෙන්වීිම මෙම වැඩසටහන තුළින් ලබාදුන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම උපයෝගී කර ගැනීමට අපේක්ෂාව වේ.මධ්‍යම පළාතේ නිෂ්පාදන සඳහා බලශක්තිය පරිභෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ගෘහස්ථව ස්වයංරැකියාවල නියුතු ව්‍යවසායකයින් අරමුණු කර ගනිමින් ඔවුන් හා සෘජුව තාක්ෂණික දැනුම සමග සම්බන්ධවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ විදාතා නිලධාරීන් වෙත බලශක්ති පරිභෝජනය බලශක්ති විගණනය තුළින් බලශක්ති සංරක්ෂණය හා විකල්ප බලශක්ති භාවියට යොමු විය හැකි අවස්ථාවන් පිළිබඳව මෙම වැඩසටහන තුළින් දැනුවත් කරන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook