රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායිව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන සදහා භාෂා සැලසුම් පිළියෙළ කිරීම පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (26) පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ජාතික ඒකාබද්ධතාවය හා ජාතික සංහිදියාව වර්ධනය කරමින්, යහ සමාජයක් ගොඩනැගීමේ පදනම බවට භාෂාව පත්ව ඇත. යහපත් වූ සේවා පරිසරයක් ඇති කරමින් සේවාලාභීන්ගේ අවශ්‍යතා ඉටුකර දීමේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වඩා ඵලදායිව පළාත් රාජ්‍ය ආයතන තුළ ක්‍රියාවට නැගීම වෙනුවෙන් භාෂා සැලසුම් සකස්කොට ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අරමුණ ඉටු කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.
මාණ්ඩලික නිලධාරින් හා විෂය නිලධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් සභා භාෂා සැලසුම් කමිටුවේ පුහුණු නිලධාරි ලෙස කටයුතු කරන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ලලිත් දසනායක මහතා විසින් ලබාදෙන ලද අතර මේ සදහා 200 දෙනෙකු පමණ සහභාගී විය.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ උපදෙස් මත මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කෙරේ
2024 වර්ෂයේ සිදු කිරීමට නියමිත මධ්‍යම පළාතේ සංවර්ධන වැඩකටයුතු කාර්යක්ෂමව හා ඵලදායිව සිදුකිරීම වෙනුවෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ඉංජිනේරු ශිල්පීන් හා තාක්ෂණ සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය (24) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ දී ප්‍රාග්ධන ආයෝජන අරමුදල් හා නඩත්තු කටයුතු මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්යයන් කඩිනමින් නිශ්චිත කාලවකවානු තුළ සාර්ථකව ප්‍රතිඵලදායී ලෙස අවසන් කිරීමේ කාර්ය සඳහා වැඩි දායකත්වයක් තාක්ෂණ සේවයේ නිලධාරීන්ගෙන් අපේක්ෂිත අතර ඒ සඳහා පූර්ව සූදානම් වීම සඳහා උපදෙස් ලබාදීම සිදුවිය.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් සංවර්ධන වසරක් ලෙස නම්කර ඇති මෙම වර්ෂය තුල මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන මගින් සිදුකරන විශාල කාර්යභාරය ජනතාව වෙත වඩා සමීප කිරීමේ අරමුණ ඇතිව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැගීමට නියමිත අතර, මුදල් කොමිෂන් සභාවෙන් ලැබෙන අරමුදල්, විදේශ ආධාර මත ලැබෙන මුදල්, පළාත් පාලන ආයතන සතු අරමුදල්, නිශ්චිත නොවූ විවිධ අරමුදල් වලින් ලැබෙන මුදල්, හා සම්බන්ධීකරණ කමිටුව මගින් ලැබෙන අරමුදල් ඒකාබද්ධව පළාතේ වසර දෙකක් තුළ සිදු නොවූ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ.
මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පළාත් පාලන ආයතන හතළිස් හතක් වෙනුවෙන් විවිධ මූල්‍ය ප්‍රභවයන් මගින් මෙවර රුපියල් මිලියන 2448 ක මුදලක් හඳුනාගත් ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට තීරණය කොට ඇති බව පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය මෙහිදී පැවසීය.
මෙහිදී පළාතේ තාක්ෂණ සේවා නිලධාරීන් ගැටළු, පොදු අරමුණු ජයගැනීම වෙනුවෙන් පවතින අවහිරතා පිළිබඳව ද කරුණු සාකච්ඡා කළ අතර 2024 වර්ෂයේ අපේක්ෂිත ඉලක්ක ජයගැනීම සඳහා කාර්යය ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් ,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ජී.ඩබ්.එල්.අත්තනායක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්.විජේකෝන් , ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන්, පළාත් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ , සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් හා තාක්ෂණ සහායක ශිල්පීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මහනුවර අධ්‍යාපන කලාපයට අයත් දෙල්තොට මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.
මහනුවර අධ්‍යාපන කලාපයට අයත් දෙල්තොට මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (24) එම විද්‍යාලයේදී පැවැත්වින.
මෙහිදී 2022 හා 2023 වසර වල විවිධ අංශයන්ගෙන් විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් දිරිමත් කිරීම හා ඔවුන් ඇගැයීමට ලක් කිරීම සිදුවූ අතර , අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සඳහා සුදුසුකම් ලැබූ දරුවන් , අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ දරුවන් හා ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත් දරුවන් සඳහා විශේෂ ඇගයිමක් සිදුකරමින් මෙහිදී ත්‍යාග , ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ද සිදුවිය.
1963 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම පාසල මගින් මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් හතළිහකට ආසන්න ප්‍රමාණයක් දායාද කර ඇති අතර ශිෂ්‍යත්ව විභාගයෙන් ද විශිෂ්ට ප්‍රතිඵල අත්කරදීමට සමත්ව ඇත.
නවීන ලෝකයට ගැලපෙන දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක තාක්ෂණ වේදය විෂයන්ට අදාලව ප්‍රායෝගික පුණුවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය වන විද්‍යාලයේ තාක්ෂණික ඒකකය සිසු අයිතියට පත්කිරීම ද මෙහිදී සිදු කරන ලද අතර පාසල් භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා පැවතුණි.
විද්‍යාලයේ පවතින අවශ්‍යතා හා අඩුපාඩු වෙනුවෙන් මෙම වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය සදහා වෙන්වෙන ප්‍රතිපාදන වලින් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කටයුතු යෙදීමට ක්‍රියා කරන බව ද මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී පාසල් ප්‍රජාව විසින් මධ්‍යම පළාත වෙනුවෙන් හා දෙල්තොට මුස්ලිම් විද්‍යාලය සඳහා ආණ්ඩුකාරවරයා විසින් සිදුකරන සේවාවන් ඇගයීම වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම ද සිදු විය.
විද්‍යාලයේ විදුහල්පති ෆයිසාල් මොහොමඩ් මහතාගේ උපදෙස් මත සංවිධානය වූ මෙම වැඩසටහන සදහා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ,දෙල්තොට ප්‍රාදේශීය ලේකම් රුවන්ධිකා හෙන්නායක යන මහත්ම මහත්මින්, අවට විදුහල්වල විදුහල්පතිවරුන්, ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය හිමිකරගත් මාතලේ ඉනාමළුව ප්‍රාථමික විද්‍යාලය ආණ්ඩුකාරතුමා නිරීක්ෂණයට.
ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් ලකුණු 195ක් ලබාගනිමින් මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය හිමිකරගත් මාතලේ ඉනාමළුව ප්‍රාථමික විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඉකුත්දා (19) නිරත වීය.
මෙහිදී පාසල අගයකරමින් සුභාශිංසන එක් කළ ආණ්ඩුකාරවර ගමගේ මහතා පාසලේ පවතින අවශ්‍යතා හා පහසුකම් සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පති ඩී.රාජපක්ෂ හාමිනේ මහත්මිය ගෙන් විමසීම් ද සිදු කළේය. මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් ව සිටියේය.
76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් වැඩසටහන පිළිබදව විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (22) පැවැත්විණි.
මෙම සැමරුම් වැඩසටහන අභිමානවත්ව හා වඩා ඵලදායි කාර්යයක් සමජගත කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කිරීමට සැලසුම් කෙරේ. ඒ අනුව ප්‍රධාන සැමරුම් උළෙල ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය මුලික කර ගනිමින් පැවැත්වීමට ද ඊට සමගාමිව රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට පවතින බව ද පෙබරවාරි මස පළමු වෙනි දින සිට හයවන දින දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසිය.
පල්ලෙකැලේ රයිෆල් කෝ බලකා මුලස්ථානය පදනම්කර ගනිමින් ප්‍රධාන රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහිදී පොල් පැල 2000 ක් රෝපණය කිරීමට නියමිතය. මහනුවර විලියම්ගොපල්ලව මාවත , දංගොල්ල ක්‍රීඩාංගනය හා ප්‍රදේශය පදනම්ව රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක අතර , මධ්‍යම පළාත පුරා පිහිටි ග්‍රාම සංවර්ධන සමිති මගින් පොල් පැල 20000ක් රෝපණය කිරීමට සැලසුම් කොට ඇත. මෙම වැඩසටහනට සමගාමිව ග්‍රාම නිලධාරි වසම් නියෝජනය වන පරිදි එක් වසමක ඔෳෂද පැල 75ක් බැගින් රෝපණය කිරීමටද සැලසුම් කෙරේ. තැන්නේකුඹුර පාලම අසල සිට පල්ලෙකැලේ පළාත් සංකීරණය දක්වා මාර්ග දෙපස රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද නිදහස් දිනයට සමගාමිව ක්‍රියාත්මක අතර මධ්‍යම පළාත් සංකීර්ණයේදි ලේ දන්දීමේ වැඩසටහනක් , පළාත පුරා ශ්‍රමදාන වැඩසටහන්, පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එක් කිරීමට මෙහිදී තීරණය විය.
මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි ,මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින්, ආරක්ෂක අංශ ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්