මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනයෙන් මධ්‍යම පළාතේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට ඉගෙනුම් ද්‍රව්‍ය
මධ්‍යම පළාතේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සදහා අවශ්‍ය පාසල් උපකරණ හා ඉගෙනුම් ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ගුරුදෙනිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂන හා පුහුණු මධ්‍යස්ථානයේදී අද දින (08) මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනය මගින් මෙම ඉගෙනුම් ද්‍රව්‍යමය ආධාර ලබාදීම සිදුකරන ලද අතර ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙත එම ඉගෙනුම් ද්‍රව්‍ය සංකේතවත් කරමින් මෙහිදී ලබාදීම සිදුවිය.මෙම අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල් ) වයි.එම්.හේරත් බණ්ඩා, මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධනයේ සභාපති එම්.එම්.රූමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වලපනේ ආපදා නිරීක්ෂණයට
නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වලපනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයන් නිරික්ෂණය කිරීමේ විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (07) දින සිදු කෙරිණි.මෙම නිරික්ෂණ චාරිකාවේදි නාය යාම් හා පස් කඳු කඩා වැටීම නිසා නිසා විනාශට පත්වූ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන සතු මාර්ග සම්බන්ධයෙන් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයනු ලබන සුළු වාරීමාර්ග ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
ඒ් අනුව වලපනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෘෂි කර්මික කටයුතු සඳහා ජලය සම්පාදනය කරනු ලබන පදියපැලැල්ල හරහා ගලා යන බෙලිහුල්ඔයේ වැල්ලගිරිය, වඩුවාවල හානියටපත් සුළු වාරි මාර්ග පද්ධතිය නිරික්ෂණයට ආණ්ඩුකාරවරයා එක්විය.
එමෙන්ම පදියපැලැල්ල නගරය හරහා ගලා බසින බෙලිහුල්ඔයට ඉහළින් ඉදිකර තිබෙන පැරණි පාලම නිරීක්ෂණය කළ අතර පාලමට පහළින් රැඳී තිබෙන විශාල ගල් ඉවත් කර අවහිරතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුකාරවරා උපදෙස් ලබා දෙන ලදි.
ඒමෙන්ම පදියපැලැල්ල නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලමක් අසළ සිදුව ඇති මාර්ග ගිලා බැසීම සම්බන්ධයෙන් ද එය නැවත ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.පදියපැලැල්ල අඹගස්පිටිය ගලබොඩ මාර්ගය නාය යාම, කඩදොර විහාරස්ථනාය අසලින් දිවෙන මාර්ගයේ පාලම හානීවීම, මතුරට දුනුකේබැද්ද කොණ්ඩගල නාය යාම, මුංවත්ත ප්‍රදේශයේ කඳු වැටියක් නාය යාම හේතුවෙන් ඇති වූ නිවාස හා දේපළ හා ජීවිත හානි සිදු වූ ස්ථානයන් ද නිරික්ෂණය කළේය.
වලපනේ හයිෆෝරස්ට් මාර්ගයේ මහ ඌව ඩෑම් ඩිවිෂන් ප්‍රදේශය, මිල්ලපිටිය උඩකොටස, කුඹුක්වෙල මාර්ගය, තෙරිපැහැ රාසිංගොල්ල, මීරියබැද්ද යන ප්‍රදේශවල සිදු වූ විශාල නාය යාම් හා ඒ් හේතුවෙන් මාර්ගයට සිදු වු හානි සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
මෙම මාර්ගයන්හී බොහොමයක් සඳහා වාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇති ඇතර මාර්ග කිහිපයක පමණක් ජනතාවට ගමන් කළ හැකි පරිදි ප්‍රවේශ මාර්ග සකස් කර දී ඇත. ආපදාවට ලක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශිය සභාව යටතේ පවතින මාර්ග මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවති.මෙම නිරික්ෂණය සඳහා වලපනේ ප්‍රදේශිය ලේකම් කාර්යාලය ප්‍රාදේශිය සභාව, පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාල ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙහිදි ප්‍රතිසංස්කරණය කිරීමට ඇති මාර්ග සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා ගැනීම සහ ඒම මාර්ග පිලිසකර යලිත් ජනතාව සඳහ විවෘත කළ හැකී මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. මීට සමගාමීව ප්‍රදේශයේ ආපදා සහන සැලසීම, ජනතාව සඳහා පහසුකම් සැලසීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති නලීන් දේශප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් චන්දන වික්‍රමසූරීය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානි පියදාස, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් ඒ්.ඒ්. වීරකොන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.
මහනුවර නාගරික සීමාවේ ජීවත්වෙන පවුල් ඒ්කකවල ගැබිනි මව්වරුන් සදහා අත්‍යාවශ්‍ය උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහනක්.
පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අපහසුතාවයටපත් මහනුවර නාගරික සීමාවේ ජීවත්වෙන පවුල් ඒ්කකවල සිටින ගැබිනි මව්වරුන් සදහා අත්‍යාවශ්‍ය උපකරණ කටිටල බෙදාදීමේ වැඩසටහනක් මහනුවර මහ නගර සභාවේ මහයියාව මාතෘ සායන මධ්‍යස්ථානයේදී පසුගියදා(5) පැවැත්විණ.මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර පැවති අතර මහ නගර සභාව සතු අනෙකුත් සායන මධ්‍යස්ථාන වලදී ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මහ නගර සභාවේ නාගරික මාතෘදාරක දෙපාර්තමේන්තු ප්‍රධානී වෛද්‍ය ඒන්.ඒ්.ඩී.සී.ටී. උදයමාලා මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුගේ දිවි පෙවෙත අළලා රචිත “දැකුම්කලු කළුනික” කෘතිය එළි දකී.
ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා වේ නොමැකෙන සන්නාමයක් වන ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුගේ දිවි පෙවෙත අළලා මාධ්‍යවේදී බන්දුල ජයමාන්න විසින් රචනා කරන ලද “දැකුම්කලු කළුනික” කෘතිය එළිදැක්වීම පසුගියදා වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරින.මෙහිදී “දැකුම්කලු කළුනික” කතෘ බන්දුල ජයමාන්න විසින් සුසන්ත ප්‍රනාන්දු මහතා වෙත පළමු පිටපත පිරිනැමීම සිදුකරන ලද අතරම, එය සිය මෑණියන් වෙත පිරිනැමීම සුසන්ත ප්‍රනාන්දු මහතා විසින් සිදුකිරීම විශේෂත්වයකි.ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ක්‍රීඩා පුහුණුකරුවෙකු වෙනුවෙන් ලියවුණු ප්‍රථම හා එකම කෘතිය මෙය වන අතර මෙම කෘතිය එළිදැක්වීමේ ආරාධිත දේශනය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(ලෙක් හවුස්) කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා විසින් සිදුකරන ලදී.ආසියානු පදක්කම් ලාභී , ඔලිම්පික් මැදිදුර ධාවන ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න ගේද පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නොමැකෙන සන්නාමයක් වන අතර දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කරමින් මෙරටට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් මලල ක්‍රීඩාවෙන් හිමිකර දීමට මොහු සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත.අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 62 නෙකු බිහි කිරීමට සමත් වූ මොහු , අන්තර් ජාතික ක්‍රීඩා උළෙල වලදී රට වෙනුවෙන් පදක්කම් 78 ක් දායාද කොට ඇත.සම්පත් වලින්, පහසුකම්වලින් බොහෝ දේ දුර වලල දරන්න බැරි තරමේ පදක්කම් ගොන්නකට උරුමකම් කීමේ රහස මෙම විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු වීමයි. ජානමය හැකියාවක්, බැඳීමක් නැති දරුවන් ලොවක් දිනන මට්ටමට ගෙන ඒමට අසීමාන්තිකව දැක්වූ කැපකිරීම් සිය ජීවිත කතාව වන මෙම කෘතිය තුළ අන්තර්ගතව පවතින අතර මෙය ශ්‍රී ලාංකික අනාගත පරපුරේ සියලු දුවා දරුවන් කියවිය යුතුම කෘතියක් වේ. වසර 37ක ගුරු සේවයෙන් අනතුරුව විශ්‍රාම යන දිනයට සමගාමීව මෙම කෘතිය එළිදැක්වීමට කටයුතු යොදා පැවතීමද විශේෂත්වයකි.මෙම අවස්ථාවට හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයවීර, මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ සංජීව වීරක්කොඩි, පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ටිරෝන් ප්‍රනාන්දු, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න,එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ(ලෙක් හවුස්) කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, සුසන්ත ප්‍රනාන්දු මහතා ගේ මෑණියන්, සහෝදර සහෝදරියන් , බිරිඳ සහ දරුවන් ඇතුළු සාමාජිකයින්, විදුහල්පතිවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් ,ගුරු උපදේශකවරුන්, වලල ආදී ක්‍රීඩා සංගමයේ නිලධාරීන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.
හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතියේ “හරිගමන” යෙදවුම ජනගත කෙරේ
ප්‍රවාහන අවශ්‍යතා පහසු සහ ලාභදායි ලෙස විධිමත් අන්දමින් නියාමනය කිරීම සඳහා පිහිට වූ “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” ජනගත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේදී (06) පැවැත්විණි.මෙහිදි “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” විසින් ප්‍රවාහන සේවා ලබාදීමට හඳුන්වා දෙන ලද “හරිගමන” ප්‍රවාහන සේවා යෙදවුම ජනගත කිරීම ද සිදු කෙරිණි.මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” ලියා පදිංචි කර ඇති අතර එම සමූපකාර සමිතිය හරහා ජනතාව වෙත ප්‍රවාහන ඇතුළු සේවා රැසක් ලබාදීමට සැලසුම් කර ඇත.මෙම ජනගත කිරීමේ අවස්ථාවට සමගාමීව “හරිගමන” යෙදවුම හරහා විවිධ ක්ෂේත්‍රයන් සදහා ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාමය සංවාදයක් ද සංවිධානය කර තිබිණි.එමෙන්ම “හරිගමන” යෙදවුම සහ “හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතිය” හඳුන්වාදීම සඳහා මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ද මෙහිදි පවැත්විණි.මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා මෙම නියමු ව්‍යාපෘතිය හරහා මහනුවර කේන්ද්‍රකර ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවනු ඇතැයී පැවසීය.එමෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මහනුවර බහුවිධ ප්‍රවාහන සේවා පර්යන්තයේ (KMTT) කටයුතු සඳහා විශාල අත්වැලක් සැපයෙනු ඇති බවත් සඳහන් කළේය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් අධිකාරි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, මාර්ග සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් දිලිපා රූපානි පියදාස, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ටෙරන්ස් මධුජිත්, මධ්‍යම පළාත් සමූපකාර කොමසාරිස් පි.ඩබ්ලිව්. ශිරෝමණි, හරිගමන ප්‍රවාහන විවිධ සේවා සමූපකාර සමිතියයේ සභාපති ඒ.එස්. කුමරන්යන මහත්ම මහත්මීන්, වෙළඳ හා ත්‍රී රෝද රථ සංගම් නියෝජිතයින්, ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වුහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
