සංවර්ධන නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක්.
සංවර්ධන නිලධාරී සේවයේ 11 පන්තියේ නිලධාරීන් සඳහා මුදල් රෙගුලාසි සහ මධ්‍යම පළාත් සභා මූල්‍ය රීති හා රජයේ ප්‍රසම්පදාන ක්‍රියාවලිය පිළිබඳ එක් දින පුහුණු වැඩසටහනක් කුණ්ඩසාලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේ දී (31) පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රවාහන හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි එම්.එම්.ආර්.පි. මැදගෙදර මහතා සහ මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ පළාත් නිවාස කොමසාරිස් ඩී.ඩබ්.ජි. කණිෂ්කා වඩුගොඩ මහත්මිය මෙම වැඩසටහනේ සම්පත් දායකයින් ලෙස කටයුතු කළේය.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ පුහුණු අධ්‍යක්ෂ තිළිණි දෙහිගොල්ල මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර මේ සදහා සංවර්ධන නිලධාරින් 600 පමණ පිරිසක් සහභාගී වූහ.
2024 බුද්ධ රශ්මි වෙසක් මංගල්‍ය සමගාමිව “වෙසක් සතියෙන් සතිමත් දේශයක් කරා” සතිමත් බව ප්‍රගුණ කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන (30) මහනුවර, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාම පාලක ,කථිකාචාර්ය ශාස්ත්‍රපති පුජ්‍ය කහගල සාරානන්ද ස්වාමින් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවීම සිදු කරන ලදී.
රාජ්‍ය සේවයේ නියුක්ත නිලධාරින් සඳහා සතිමත් භාවය පිළිබද සංකල්පය හඳුන්වාදෙමින් චර්යාවේ අංගයක් ලෙස මෙය පවත්වාගනිමින් අධ්‍යාත්මික සුවතාවය ඇතිකිරීම අරමුණුකර ගනිමින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් මෙම වැඩසටහන් සංවිධානය කොට පැවතුනි.
වතුකරයේ ඉගෙනුම් නංවාලීමේ නව වැඩපිළිවෙලක් මැදරටින්.
හැටන් අධ්‍යාපන කලාපයේ අධ්‍යාපනික කටයුතු විධිමත් කිරීම සහ ශක්තිමත් කිරීම අරමුණු කොට වතුකරයේ දුෂ්කර පාසල් සඳහා ඉගැන්වීමේ ක්‍රියාවලියට උපාධිධාරීන් ගේ සේවය සම්පත්දායකයින් ලෙස ලබා ගැනීමේ වැඩසටහනක් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවයි . ඒ සදහා වන අවබෝධතා ගිවිසුම් ගත වීමේ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (29) පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පුර් න අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ජාත්‍යන්තර වෛද්‍ය සෞඛ්‍ය ආයතනයේ සහයෙන් (International Medical Health Organisation -IMHO) සහ මනිදනේයම් යන ආයතනවල අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙහිදී හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් හතළිහක පවතින ගුරුහිඟයට විසඳුමක් ලෙස ඉගැන්වීමේ ක්‍රියාවලිය සදහා මෙම සම්පත් දායකයින් වර්ෂයක කාලයක් සඳහා පාසල් සදහා අනුයුක්ත කෙරේ.
මේ යටතේ දමිළ මාධ්‍ය සම්පත් දායකයින් 39 දෙනෙකු ද සිංහල මාධ්‍ය සම්පත්දායකයින් 11ක් වශයෙන් 50 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගනු ලැබූ අතර, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ගිවිසුම් ගතව හැටන් අධ්‍යාපන කලාප කාර් යාලයේ උපදෙස් හා සමීප අධීක්ෂණය යටතේ පාසල් අධ්‍යයන කටයුතු සදහා යොදා ගැනේ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. විජේන්ද්‍රන්, ජාත්‍යන්තර වෛද්‍ය සෞඛ්‍ය ආයතනයේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂ කේ. විග්නේෂ්වරන්, වතු ප්‍රදේශ සම්බන්ධීකාරක එන්.පී. චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අමාත්‍යාපනයේ සහකාර ලේකම් ඇතුළු නිලධාරින් ඇතුළු පිරිසක් එක් වූහ.
දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මහනුවර දී ආරම්භ වේ.
ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී 26 දින ආරම්භ කෙරින. (26 වැනිදා සිට 29 වැනිදා දක්වා)
මෙම තරගාවලිය වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ කණ්ඩායම් බාලක බාලිකා ඒකල, බාලක / බාලිකා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්වලින් සමන්විත වන අතර ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියට දකුණු ආසියානු කලාපයෙන් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම මේස පන්දු තරගාවලිය පැවැත්වේ.
දකුණු ආසියානු මේස පන්දු සංගමයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කරන මේ තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව ලැබී ඇත්තේ වසර 7කට පසුවය. මෙම තරගාවලිය සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 132 දෙනෙකු සහභාගි වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවුරුදු 15න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනකු සහ 19න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10 දෙනකු එක්ව සිටිති.
තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම: අවුරුදු 15න් පහළ බාලක.
සෙනුල් රත්නායක (ධර්මරාජ), ආකේන් බෝජිත් (ධර්මාශෝක), නවිරු නෙත්සිත (ධර්මාශෝක), අගස්ත්‍ය ආනන්දිත (බොන්ඩ් ජාත්‍යන්තර පාසල)
බාලිකා.
යෝෂිනි ජයවර්ධන (මහාමායා), මුතුලි සහන්යා (සවුත්ලන්ඩ්), සමින්දි වීරසූරිය (යහපත් එඬේරාගේ කන්‍යාරාමය), මෙකල්‍යා ප්‍රනාන්දු (එලිසබෙත් මෝයර්)
අවුරුදු 19න් පහළ බාලක.
ජනිත් බටුගෙදර (රාජකීය), ෂෆියුල්ලා අක්‍රම් (ත්‍රිත්ව), ඩිරාන් හාමර් (රාජකීය), සාලුක ප්‍රේමචන්ද්‍ර (ආනන්ද), විනුක ගුණවර්ධන (රාජකීය)
බාලිකා.
බිමන්දි බණ්ඩාර (හිල්වුඩ්), දිව්‍යා ධරණි (ධර්මාශෝක), ලෙසන්යා සේතුම්දී (ධර්මාශෝක), සන්දිති ජයසිංහ (මියුසියස්), තමාදි කාවින්ද්‍යා (ශ්‍රී දේවානන්ද)
මධ්‍යම පළාතේ හින්දු දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා වර්ධනය කිරීම වැඩසටහනක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල, ඌටන් ශ්‍රී මුත්තුමාරිඅම්මාන් ශාලාවේදී පැවැත්විණ.
මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා දහම් පාසල් ගුරුවර ගුරුවරියන් 175 දෙනෙකුගේ සහභාගී විය.
මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක (හින්දු ආගම) ඒ.දමයන්ති මහත්මියගේ හා විශ්‍රාමික ගුරු උපදේශක සහ හින්දු ආගම සම්බන්ධව වසර ගණනාවක සම්මාන රැසකට හිමිකම් කියන ඒ.රාජේන්ද්‍රන් මහතා විසින් ලබාදෙන ලදි. වැඩමුළුව අවසානයේ සහභාගී වූ සියලුම ගුරු මහත්ම මහත්මීන් වෙත සහතික පත්‍ර ලබාදීම ද සිදු කරන ලදී.
මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත , කටයුතු හින්දු සංස්කෘතික අංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එම්. ශීලා මැණිකේ මහත්මිය හා සංවර්ධන නිලධාරී ආර්. මධූරි, මානෙල් අඟුලාගොඩවත්ත යන මහත්මීන්ගේ සම්බන්ධීකරණයෙන් තලවාකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ස්ටීෆන් මහතාගේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය වී පැවතුනි.
- මීමුරේ දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කැපවී පරාර්ථකාමී සේවයක නිරතවූ ස්වේච්ජා ගුරුවරුන් ඇගයීමේ වැඩසටහනක්
- මධ්‍යම පළාතේ උපාධිධාරීන් 42ක් පළාත් ගුරු සේවයට.
- මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
- සමස්ත ලංකා දිනූ උඩුදුම්බර ද්විතීක පාසලේ බාලිකා පාපන්දු කණ්ඩායම ඇගයීමට ලක් කෙරේ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
