භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් සිදුකර විභාගයට මඟ පෙන්වීමේ නිර්මාණශීලි වැඩසටහනක්.

මෙවර අපොස උසස් විභාගයට පෙනී සිටින දරුවන්ට අත්‍යවශ්‍ය වු භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාකාරකම් සිදුකර විභාගයට මඟ පෙන්වීමේ නිර්මාණශීලි වැඩසටහනක් මහනුවර අධ්‍යාපන කලාපය විසින් පසුගිය 14,15 හා 16 දිනවල කිංස්වුඩ් විද්‍යාලයෙදී පැවැත්විණ. මෙම වැඩසටහන සදහා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් 50 ක් පමණ සස්නක සංසදය හරහා මෙම අධ්‍යාපන සත්කාරය සඳහා සහය ලැබුණු අතර භෞතික විද්‍යාව ගුරු භවතුන් යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීම සිදුකළ අතර දරුවන් දිනකට 600 ක් පමණ සහභාගි වීම විශේෂත්වයක් විය. කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වුන මෙම වැඩසටහන සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ (විද්‍යාව) සංදර්ශිකා බණ්ඩාර මහත්මියගේ සම්පත්දායකතත්වය ලැබී තිබිණ.

මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ගුරුදෙණිය මහා විද්‍යාලයේ දී.

මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ගුරුදෙණිය මහා විද්‍යාලයේ දී. ඵලදායි හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමේ පරමාර්ථය පෙරදැරිව,අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලබන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනට සමගාමීව මධ්‍යම පළාත් පාසල් වල 2024 වර්ෂයට ආදාල මාධ්‍ය සමාජ බලගැන්විමේ වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරුදෙණිය මහා විද්‍යාලයේ දී අද දින (13) පැවැත්විණ. මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ, මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා මෙහි සම්පත් දායකත්වය දැක්වූ අතර ජනමාධ්‍යයේ යහපත් සහ අයහපත් බලපෑම,ප්‍රවෘත්ති වාර්තාකරණය මෙන්ම පාසල් මාධ්‍ය ඒකකයක් පිහිටුවීම හා එහි වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහි දී දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට ගුරුදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පතිනි එච්. එම්. පද්මා කුමාරි මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිතුමා, පාසල් මාධ්‍ය සමාජය භාර ගුරුතුමිය හා මාධ්‍ය ඒකකයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල.

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල. 48 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ කාන්තා / පිරිමි මැරතන් තරඟය පසිගිය 13 වන දින මහියංගනය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ පැවැත්වුණා. ඒ සඳහා මධ්‍යම පලාත නියෝජනය කරමින් සහභාගි වු වලල පාතදුම්බර මහා විද්‍යාලයේ හිටපු ක්‍රිඩා නායිකාව වන ආයාචනා සඳදිණිදු ජයතිලක ශිෂ්‍යාව 42.195 km ක ජාත්‍යන්තර සම්මත මැරතන් දුරක් ගෙවා 10 වන ස්ථානය දිනා ගනිමින් ජාතික මැරතන් සංචිතයේ තම අසුන වෙන්කර ගැනිමට සමත් විය. ප්‍රථම තරඟයෙන්ම ජාතික මැරතන් සංචිතයට ඇතුලත් වීමට හැකියාව ලැබීමද ඇය ලද සුවිශේෂී ජයග්‍රහණයකි විදුහල්පති මේජර් HMKGNAk සමරකෝන් මහතා පාතදුම්බර මහා විද්‍යාලයේ මළල ක්‍රීඩා පුහුණුකරැ ලෙස කටයුතු කරන රවින්ද්‍ර දිසානායක මහතාගේ මගපෙන්විම හා කැපවිම මත පාතදුම්බර ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අවස්ථාව ක් ලෙස මෙය සැලකිය හැකිය. .

ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට වැඩමුළුවක්.

ශිෂ්‍යත්ව දරුවන්ගේ දෙමාපියන්ට වැඩමුළුවක්. ‘නැණෝදා’ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය මාලාවට සමගාමීව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ඩී.ඒස්. සේනානායක විද්‍යලයීය ශ්‍රවනාගාරයේදි (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප පහලොවම ආවරණය වන සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මහනුවර කලාප අධ්‍යපන කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් කළ මෙම සම්මන්ත්‍රණය සදහා ඇට්ලස් ලංකා සමාගම මඟින් අනුග්‍රාහකත්වය ලබා දෙන අතර, ශ්‍රී ලංකා පොලීසියේ, ප්‍රජා පොලිස් ඒකක‍යේ ප්‍රධාන පොලිස් පරික්ෂක, මනෝජ් සමරසේකර මහතා විසින් දැනුවත් කිරීම සිදුකරන ලදි. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කේ.ජි.ඒස්. නිශ්ශංක මහනුවර හා මාතලේ දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන් මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, ඇට්ලස් ලංකා සමගමේ නියෝජිතයින් ඇතුළු දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් ද සහභාගී විය.

නැණෝදා’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ.

නැණෝදා’ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ. ‘නැණෝදා’ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය මහනුවර, ධර්මරාජ විද්‍යාලයේ දී අද (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප පහලොව ආවරණය වන සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මහනුවර කලාප අධ්‍යපන කාර්යාලයේ සම්බන්ධීකරණය කළ මෙම සම්මන්ත්‍රණය සදහා ඇට්ලස් ලංකා සමාගම මඟින් අනුග්‍රාහකත්වය ලබා දේ. දරුවන් විභාගය සදහා පමණක් නොව ජීවිතය සදහා සූදානම් කිරීම වැදගත් වන බවත්, දැනුම, කුසලතා මෙන්ම ආකල්පයන්ගෙන් ද දරුවන් පෝෂණය කළ යුතු බවත්, පාසල් අධ්‍යාපනයේ වැදගත් කඩඉමක් වන ශිෂ්‍යත්ව විභාගය පදනම් කරගනිමින් දරුවන් සදහා මෙවැනි වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම ඉතා වැදගත් වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේය. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් මේනක හේරත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කේ.ජි.ඒස්. නිශ්ශංක මහනුවර හා මාතලේ දිස්ත්‍රීක් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, ඇට්ලස් ලංකා සමගමේ නියෝජිතයින් ඇතුළු දෙමාපියන්, සිසු දරුවන් පිරිසක් ද සහභාගී විය

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook