සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා පත් කෙරේ.

සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා පත් කෙරේ. මාධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ නව පළාත් අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය එස්.ඒ.සීලනාථ මහතා පත් කෙරේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් එම පත්වීම් ප්‍රධානය කිරීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කෙරින. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට නව පාසලක් එක්වේ.

මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට නව පාසලක් එක්වේ. මධ්‍යම පළාත් අධ්‍යාපන ආමාත්‍යාංශය මගින් නව ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් නගාසිටුවීමේ වැඩසටහන යටතේ වැසීගිය පාසල් නැවත ආරම්භ කිරීමේ ප්‍රවේශය 2024 මාර්තු 06 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් ආරම්භ කෙරින. මෙලෙස ආරම්භ කරන ලද්දේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාශයේ කලවල ප්‍රාථමික විද්‍යාලයයි. දුෂ්කර ගම්මානයක පිහිටි මෙම පාසල 1963 වර්ෂයේදී ආරම්භ කොට ඉතා සාර්ථකව පවත්වාගෙන ගොස් ඇති අතර කාලීනව ඇතිවූ විවිධ හේතු පදනම් කරගෙන වැසීයාමට ලක්වී ඇත්තේ 2013 වර්ෂයේදීය. නැවත වසර 10 කට පසුව නව ව්‍යාපෘතිය යටතේ මප /තෙල්/ කලවල ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කිරීම සිදු වූ අතර මෙදින පාසල වෙත දරුවන් ඇතුලත් කර ගැනීම ද සිදු විය. පාසල සංවර්ධනය සදහා පළමු අදියර යටතේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කොට ඇති අතර මේ සදහා රුපියල් මිලියන 4.5 යොදවා ඇත. දෙවන අදියරේ දී පාසල නගාසිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 7 ක් ද වෙන්කොට පවතී. මෙහිදී පාසලේ කටයුතු සදහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ ප්‍රධානය කිරීමද සිදු කෙරින. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.යු.බී.හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.තෙන්නකෝන්, පළාත් විගණන අධිකාරි ඩබ්ලිව්.අබේරත්න, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජි.එස්.නිශ්ශංක , උඩුදුම්බර ප්‍රාදේශය ලේකම් ජයමිණි බෝගහවත්ත , උඩුදුම්බර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.කේ.රණවිර , උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර්.දිසානායක, පාසලේ වැඩ බලන විදුහල්පති පි.කේ.කපුකොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී විය.

සප්ත කන්‍යා, ඉන්දුනීසියානු ගුවන් අනතුරෙන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ සැමරුම් වැඩසටහනක්.

1974 වසරේ දෙසැම්බර් මස 04 වන දා ඉන්දුනීසියාවේ සිට පියාසර කරමින් තිබු DC 08 එයාර් මාටින් ගුවන් යානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳුවැටියේ ගැටීමෙන් සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සිදුව වසර 49 ක් සපිරේ. එහි 50 වන වර්ෂ පුර්ණ සැමරුමට සමගාමිව ඒ වෙනුවෙන් එම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් එම ඉන්දුනීසියානුවන් සිහිපත් කරමින් විශේෂ සැමරුම් වැඩසටහනක් පසුගියදා (05) එම ස්ථානයේ ඉදිකොට තිබෙන ස්මාරකය ඉදිරිපිට දී, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (DEWI GUSTINA TOBING) මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ අනතුරෙන් ඉන්දුනීසියානු ජාතික ඉස්ලාම් බැතිමතුන් 182 දෙනෙකු හා ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනෙකු ඇතුළු 191 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. එම ගුවන් අනතුරෙන් මියගිය ගුවන් සේවිකාවගේ හැර අනෙකුත් සියලු දෙනාගේ සිරුරු කෙරුනේ මෙම සප්ත කන්‍යා කදු පාමුල පිහිටි ස්මාරකය ආසන්නයේ මිහිදන් කෙරුණි. ඉදිරියේ දී මෙම ස්මාරකය ඉන්දුනීසියානුරජය විසින් ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන අතර එම ස්මාරකය කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද නියමිතය. මෙම අවස්ථාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියහ.

ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන මැදරට දරුවන්ටත්..

ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන මැදරට දරුවන්ටත්.. ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන, පලමු ශ්‍රේණි දරුවන්ට ආරම්භ කිරීමේ ජාතික උත්සවයට සමගාමීව මධ්‍යම පළාත් උත්සවය මහනුවර කලාපයේ අම්පිටිය බෙරවට්ස් රාජකීය ප්‍රාථමික විද්‍යාලයේදි අද (04) ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහ‍‍පොල මහත්මිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විය. මෙහිදි මෙවර පලමු ශ්‍රේණිය සඳහා ඇතුලත් වූ සිසු දරුවන් විසින් ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහනට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම සිදු කළේය. එමෙන්ම මීට සමගාමීව මෙම වැඩසටහනට අදාළ දෙවන ශ්‍රේණියේ දරුවන්ගේ ඉගෙනුම් ඉැගැන්වීම් ක්‍රියාවලිය ද නිරීක්ෂණය කිරීම සිදු විය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අමරසිරි පියදාස මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩි.ඩි. ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු නිලධාරීන්, අම්පිටිය බෙරවට්ස් රාජකීය විද්‍යාලයේ විදුහල්පති සේනක සමරතුංග යන මහත්වරු, ගුරුභවතුන් සිසු සිසුවියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

පරිගණක පුහුණු වැඩසටහනක්.

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පතක් බිහි කිරීමේ අරමුණින් මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් වෙනුවෙන් Microsoft Excel පිළිබඳ පුහුණු වැඩසටහනක් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පසුගියදා (01) පැවැත්විණි. ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතු ප්‍රියනාත් ඉද්දමල්ගොඩ මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු ) චන්දන වික්‍රමසූරිය මහතාගේ මෙහෙයවීම හා මඟපෙන්වීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටී.බී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වයෙන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook