දෙස් විදෙස් සංචාරකයන් ට නුවරඑළියේ සැබෑ පාරිසරික සුන්දරත්වය විදින්න අවකාශ විවර කර දෙන්න ලෙස සම්බන්ධිකරණ කමිටුවට පළාත් ආණ්ඩුකාරවරයාගෙන් යෝජනාවක් ,

දෙස් විදෙස් සංචාරකයන් ට නුවරඑළියේ සැබෑ පාරිසරික සුන්දරත්වය විදින්න අවකාශ විවර කර දෙන්න ලෙස සම්බන්ධිකරණ කමිටුවට පළාත් ආණ්ඩුකාරවරයාගෙන් යෝජනාවක් , මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් ට මෙන්ම දේශීය සංචාරකයන් ට පවා කදුකරයේ අසිරිය නැරබීමට ඇති අවස්ථා නිසි ලෙස විවර කර දීමට අපොහොසත් ව ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා අද පෙරවරුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර් යාල ශ්‍රවනාගාරයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී පෙන්වා දෙනු ලැබිය. මුහුදු මට්ටමේ සිට ඉහලින් ම පිහිටි ලංකාවේ උසම කන්ද ලෙස සැලකෙන පිදුරුතලාගල කදු පාමුල සිට අවට පරිසරය නැරඹීම සදහා සියලු පහසුකම් සම්පාදනය කොට පැවතිය ද අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස එම ස්ථානය ක්‍රමානුකුල සංචාරකයන් සදහා විවෘත කොට දිය යුතු බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා , ඒ සදහා වූ යෝජනාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා ට උපදෙස් දුන්නේය. ලංකා සිතියමේ 0 ලක්ෂය හමුවන ස්ථානය වන මෙම කඩු මුදුන අධ්‍යාපනික වශයෙන් ඉහල අගයක් ගන්නා ස්ථානයක් බවත් , ලාංකේය දරුවන් ට ඒවා ප්‍රායෝගිකව අත්විදීමේ අවස්ථා ලබා දිය යුතු බවත් පෙන්වා දුන් ගමගේ මහතා, පහත සිට මුදුන් ස්ථානය දක්වා කාපට් අතුරා, වාහන ගාල් කිරීමේ ඉඩකඩ සහිතව හා අවන්හලකින් ද යුක්ත වූ නමුත් දැඩි සංවේදී පරිසර පද්ධතියක් බැවින් ඉතා ක්‍රමානුකුල ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරක්ෂක, සංචාරක, වන සංරක්ෂක, පරිසර සහ පළාත් පාලන ඇතුළු සියලු අංශ එකතුව සම්පාදනය කොට ඉදිරි වසන්ත සමය වන විට ක්‍රියාත්මක කල හැකිවේ නම් ඉහල ආකර්ෂණයක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පල කළේය. එසේම සදතැන්න ගොවිපල අංශක 360 ක් තරම් විවර ව පැතුරුණු නැරඹුම් කේන්ද්‍රයක් වූ ,උදැසන හිරු උදාව ඉතා මනරම් ලෙස නෙතට හසුවන ස්ථානයක් ලෙස තමාගේ පෞද්ගලික නිරීක්ෂණයට ලක් වූ බවත්, එම අවස්ථා ව ද දෙස් විදෙස් සංචාරකයන් ට අවස්ථා සලසා දීමෙන් ඉතා ඉහල ආදායමක් ලබා ගැනීමේ ඉඩකඩ පවතින බවත් පෙන්වා දුන් ආණ්ඩුකාරවරයා , එම ස්ථානය සදහා යායුතුව ඇති කිලෝමීටර් 04 ක පමණ දුර මාර් ගය ඉතා අබලන් ව පවතින අතර , සේවක මණ්ඩල වල පවතින අඩුව හේතුකොට යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අසීරු වී ඇතිබව පාලන අධිකාරිය පැවසු බවත් කමිටු රැස්වීමට දැනුම් දුන්නේය. ඒ සදහා ද පළාත් පාලන ආයතනය , කෘෂිකර් ම දෙපාර් තමේන්තුව සහ පළාත් මාර් ග සංවර් ධන අධිකාරියේ සහාය ලබා ගෙන වැඩ පිළිවෙලක් සකස් කොට උදැසන 5.30 සිට එම ස්ථානයට ඇතුල්වීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස ද දන්වනු ලැබිය. මෙම කමිටු රැස්වීම සමසභාපතිවරුන් වන ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර , වී .රාධා ක්‍රිෂ්ණන් සහ එම් .රාමේෂ්වරම් යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ව ආණ්ඩුකාර ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්.ආයතන ප්‍රධානින්., ප්‍රාදේශීය ලේකම්වරුන්, නාගරික කොමසාරිස් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඈතුලු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් ගේ සහභාගි විය. නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් සහ කමිටු ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් මෙම කමිටු රැස්වීම කැදවනු ලැබිය.

“කඳුකර දශකය” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනින් මාතලේ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 900ක් වෙන් කෙරේ.

“කඳුකර දශකය” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනින් මාතලේ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 900ක් වෙන් කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන “කඳුකර දශකය 2024-2033” විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 09ක් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 900 ක මුදලක් වෙන් වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (15 ) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම ව්‍යාපෘතිය යටතේ රටේ දිස්ත්‍රික්ක දහයක් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 10 000 ක් වෙනකොට ඇත. ඒ අනුව ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර 10ක් ඔස්සේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැගීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන වෙනුවෙන් සමාජ ,ආර්ථික , යටිතල පහසුකම් ඇතුලු නිර්ණායක දහසක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර , මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ග්‍රාම සේවා වසම් 409 ක් තුළ මෙය ක්‍රියාත්මක කෙරේ. මෙම සංවර්ධන ව්‍යාපෘති 2024 වර්ෂයේ ජුලි 31 වන විට අවසන් කිරීමට ද සැලසුම් කොට ඇත. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි කවිරත්න , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් ඩබ්ලියු.එස්. සත්‍යානන්ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීන්,අමාත්‍යංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් , ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් පාලන ආයතන ප්‍රධානනීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්වූහ.

මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම.

මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම. මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා (09) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි. 104 වැනි වරටත් පැවැත්වූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ ගරු සභාපති නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් පරිදි පවත්වන ලදි. මහනුවර දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරමින් ජාතික මූලස්ථානයේ ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, මහනුවර දිසා කොමසාරිස් එව්.එල්. කපිල ප්‍රියන්ත, ගරු ආණ්ඩුකාරතුමාගේ මාධ්‍ය ලේකම් මහි කිරිඳිගොඩ යන මහත්වරුන් ඇතුළු සමාජිකයින් පිරිසක් ඒක්වූහ.

මාර්ගගත ක්‍රමයට (Online) ගෙවීමේ පහසුකම පූජාපිටියටත්....

මාර්ගගත ක්‍රමයට (Online) ගෙවීමේ පහසුකම පූජාපිටියටත්.... පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ මාර්ගගත ගෙවීමි ක්‍රමය හා නිල වෙබ් අඩවිය ජනගත කිරීම පසුගියදා (15) සිදු කෙරිණි. මේ වැඩසටහන යටතේ මාර්ගගත ක්‍රමයට සියලුම ගෙවීම් කටයුතු සිදු කිරීම (pay.cat2020.lk) සහ ප්‍රාදේශිය සභා නිල වෙබ් අඩවිය (www.pujapitiyaps.lk) ජනගත කිරීම හා Point Of Sale [POS Machine] හරහා ඩෙබිට් කාඩ් මඟින් ගනුදෙණු සිදු කිරීමේ අවස්ථාව, සේවාලාභී මහජනතාවට ලබාදීම ආරම්භ කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ දකුණු අප්‍රිකානු තානාපති අතර හමුවක්..

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ දකුණු අප්‍රිකානු තානාපති අතර හමුවක්.. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සහ දකුණු අප්‍රිකානු තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මහතා (Sandile Edwin Schalk) අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (14) දින සිදුවිණී. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ දකුණු අප්‍රිකානු තානාපති අතර දෙරටේ පවතින ඓතිහාසික, සමාජ ආර්ථික හා කරුණු සම්බන්ධයෙන් මෙහිදී සුහද කතාබහක නිරත වූ අතර ක්‍රිකට් හා රග්බි පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ද යොමු විය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ‍ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරන් බණ්ඩාර මහතා ද එක්වූහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook