දිගන නගරයේ ඉදි කළ නව ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරීම හා එහි දෙවන අදියර සඳහා මුල්ගල් තැබේ.
මහනුවර තරණ බෞද්ධ සංගමය දායකත්වයෙන් දිගන නගරයේ ඉදි කළ නව ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරීම හා එහි දෙවන අදියර සඳහා මුල්ගල් තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වන දා සිදු විය.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වසර හැටක් පුරාවට තරුණ බෞද්ධ සංගමය විසින් සිදු කරනු ලැබූ ආගමික හා සංස්කෘතික සේවාව අගය කළ අතර මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සඳහා රුපියල් මිලියනයක මුදල් පරිත්‍යාගයක් ශ්‍රි දළදා මාළිගාව වෙතින් ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළා.
මෙම සත්කාරය අගය කළ ආණ්ඩුකාරවර ගමගේ මහතා මුදල් කේන්ද්‍රීයව පවතින සමාජයක ආගමික හා සංස්කෘතික පරිසරයක් තුළින් හදවත් හොඳ මිනිසුන් නිර්මාණය වන බවත් එමගින් මෙවැනි යහපත් කටයුතු සිදු කරන බවත් සඳහන් කළා. එවැනි යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා වූ අධ්‍යාපනික ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවය ද ගමගේ මහතා අවධාරණය කෙරිණ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් පරිවාස කොමසාරිස් චින්තිකා ගුණරත්න මහත්මිය, මහවැලි අධිකාරියේ දිගන ව්‍යාපාර කළමනාකරු එච්.එම් හේරත් මහතා, මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සභාපති වික්‍රම පී. වී. තෙන්නකෝන් මහතා හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.
මධ්‍යම පළාත හා චීනය අතර සංචාරක සබඳතාවයකට ඇරඹුමක්...
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සහ මහජන වීනයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ධූත පිරිසක් හා සමඟ හමුවක් පසුගියදා (12) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.
මෙහිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසින් මහජන චීනයේ ධූත පිරිස සුහදව පිළිගන්නා ලද අතර මධ්‍යම පළාතේ සංචාරක විභවයන් සම්බන්ධයෙන් එම පිරිස දැනුවත් කිරීම සිදු කරන ලදි. එමෙන්ම මධ්‍යම පළාතේ සංචාරක ස්ථාන හා ගමනාන්ත සම්බන්ධයෙන් සකස්කළ පරිගණක හා වාර්තා වැඩසටහනක් ද ප්‍රදර්ශනය කරන ලදි.
මෙම සාකච්ඡාව චීන සංචාරකයින් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මෙරටට ගෙන්වා ගැනිමට සහ අදාළව ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අරමුණීන් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ වීනයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සංචාරක මධ්‍යම පළාතේ සංචාරක ගමනාන්ත කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වමින් අදහස් පළ කළේය.
මෙම සාකච්ඡාවෙන් පසු ආණ්ඩුකාරතුමන් හා මහජන දීනයේ ධූත පිරිස අතර සමරු සිහිවටන හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මහජන චීනය නියෝජනය කරමින් බීජිං සංචාරක සමූහයේ (BTG) උප සභාපති Wu Jinmei මහත්මිය, China Comfort Travel Group (CCT) චීන සංචාරක සමූහයේ උප සභාපති, Qu Baoan මහතා, China Comfort Travel Group (CCT) චීන සංචාරක සමූහයේ අධ්‍යක්ෂ Shang Zhengzheng මෙනවිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ, ඉනෝදනි තඹවිට මහත්මිය, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හමුවක්...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෲ පෙන්චේ (Mark Andre Franche) මහතා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා සමග සාකච්ඡාවක් පසුගිය (14) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී දෙපාර්ශවය අතර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන හරහා මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් හා සේවා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මධ්‍යම පළාත තුළ පවතින සමාජ, ආර්ථික ගැටලු, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය හා වාර්ගික විවිධත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම අවස්ථාවට සහභාගි වූ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා විසින් සමරු තිලිණයක් ලබාදීමද සිදුවිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2024.
මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මගින් සංවිධානය කරනු ලැබූ "ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය" තේමාව පදනම් කරගත් මධ්‍යම පළාත් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන අද (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරු නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම සැමරුම් වැඩසටහන මගින් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් සිය ස්ව ශක්තියෙන් යුතුව නැගී සිටින ලද විශිෂ්ටතම දිරිය කාන්තා ව්‍යවසායිකාවන් 38 දෙනෙකු ඇගයීමකට ලක් කෙරිණි. එසේම තෝරා ගත් අඩු ආදායම්ලාභී කාන්තා මූලික පවුල් 142ක් වෙත කුකුළු පැටවුන් 1420ක්, රුපියල් ලක්ෂ දහයක වියදමකින් ප්‍රදානය කෙරිණි. දිස්ත්‍රික්ක තුනම නියාජනය වන පරිදි තෝරාගත් සාර්ථකම කාන්තා ව්‍යවසායිකාවන් තිදෙනෙක් වෙනුවෙන් රුපියල් 25000ක මුදල් ත්‍යාග පිරිනැමිණි. මහනුවර දිස්ත්‍රික්කයේ සාර්ථම ව්‍යවසායයිකාව ලෙස මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇඟලුම් නිෂ්පාදන ව්‍යවසායිකා කුමාරි විජේසේකර මහත්මිය , මාතලේ දිස්ත්‍රික්කයේ සාර්ථකම ව්‍යවසායිකාව ලෙස විසිතුරු බෝනික්කන් නිෂ්පාදන ව්‍යවසායිකා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි යූ වී රූපලතා මහත්මිය හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාර්ථකම ව්‍යවසායිකාව ලෙස තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇගලුම් නිෂ්පාදන ව්‍යවසායිකා ඒ. නිශාන්තිනී මහත්මිය එසේ ඇගයීමට ලක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා කාන්තා ව්‍යවසායකයින් ජාතික ආර්ථිකය කරන දායකත්වය ඇගයීමට ලක් කළේය. කාන්තාවන් මුහුණ දෙනු ලබන වර්තමාන සමාජීය අභියෝග ජය ගැනීම වෙනුවෙන් "කාන්තා සවිබලකරණයට චිත්තවේග බුද්ධිය" මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක් ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් පැවැත්වීය.
කාන්තා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා අලෙවි ප්‍රදර්ශනයක් ද පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්විණි.
කොමර්ෂල් බැංකු, වර්ල්ඩ් විෂන් ආයතනය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම මෙම වැඩසටහනට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා,කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.යූ. බී. හේරත් මහතා,මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මිය,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු අමාත්‍යාංශ හා ආයතන ප්‍රධානීන් පිරිසක්, පළාතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි කාන්තා ව්‍යවසායිකාවන්, කාන්තා සමිති නායිකාවන් ඇතුළු කාන්තාවන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
කෙටි කලකින් ගම නගන්න ලොකු මුදලක්...
මෙම වර්ෂයේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතතන සඳහා පළාත් සභා අරමුදල් යටතේ වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීමේ රැස්වීමක් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.සි. අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී (12) පැවැත්විණි.
මෙහිදි මෙම සංවර්ධන වැඩසටහන් ඉදිරි මාස හත තුළ ක්‍රියාත්මක කර අවසන් කළ යුතු බව පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් අවධාරණය කළාය.
2024 වර්ෂය සඳහා මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතන වෙනුවෙන් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වෙන්කර ඇති මුදල රුපියල් 278,000,000.00 ක් වන අතර ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, පළාත් පාලන මාර්ග, ප්‍රජා ජල සම්පාදන හා වෙනත් සේවා යන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ලක්මාලි අත්තනායක මහත්මිය, ගණකාධිකාරී ඩබ්.එම්.ජී.ටී.ඒ. බණ්ඩාර යන මහත්වරු ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගි වූහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
