මධ්‍යම පළාත් සභාවේ පස් අවුරුදු සැලැස්මේ (2024-2028) කෙටුම්පත ආණ්ඩුකාරතුමා වෙත පිළිගැන්වේ.

මධ්‍යම පළාත් සභාවේ පස් අවුරුදු සැලැස්මේ (2024-2028) කෙටුම්පත ආණ්ඩුකාරතුමා වෙත පිළිගැන්වේ. ලැබෙන මුදල් ටික කෙසේ හෝ වියදම් කරනවා වෙනුවට ජනතාවට අවශ්‍ය මුලික කරුණු හා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ රටට අවශ්‍යම වෙනවා. විවිධ ආයතනවලට අධික ලාභයක් ලබාදීමට අවස්ථාව උදා කිරීම වෙනුවට වඩා සඵලදායි නව ක්‍රමවේද යොදා ගැනීම කාලින අවශ්‍යතාවයක් වී පවතිනවා. ජ්‍යෙෂ්ඨතත්වයට එහා ගිය ඉලක්ක ජයගත හැකි දක්ෂතාවය , කැපවීම හා හැකියාවට ප්‍රමුඛත්වය ලබාදෙන ඇගයීම් ක්‍රම වේදයක් මේ මොහොතේ රටටම අවශ්‍ය වනවා යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා ආයතන වෙනුවෙන් සකස්කරන ලද පස් අවුරුදු සැලැස්මේ (2024-2028) කෙටුම්පත ඒ මහතා වෙත පිළිගැන්වීමේ අවස්ථාවේ දී ය. 2024 වර්ෂයේ ජනවාරි පළමු වෙනි දිනයේ නව වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් සියලු දෙනා වෙත සුබපැතුම් එක් කරමින් නව වර්ෂයේ පළාත් සභාවේ කාර්යයභාරය ඒ ඒ අමාත්‍යාංශය වල විෂයපතය අනුව හදුනාගෙන ඒකාබද්ධ ප්‍රවේශයකින් යුක්තව ජනතාව වෙත කාර්යයක්ෂමව සේවා සැපයීම මේ මොහොතේ රටට අවශ්‍යම බව ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දෙන ලදී. නව පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමත් සමග මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යය සාධන ඇගයීම් ක්‍රම වේදයන් ද වෙනසකට ලක්කර ඈති බව මෙහිදී ප්‍රධාන ලේකම්වරයා පැවසිය. සැලසුම් සහගත ක්‍රමවේදයන් අනුව ඒ ඒ ආයතන වෙත පැවරෙන වගකීම් නිවැරදිව ඉටුකිරීම හා ඉලක්ක අත්පත් කර ගැනීම ප්‍රායෝගිකව සලකා බලා කාර්යය සාධනය ඇගයීම් ක්‍රමවේදයන් වෙනසකට භාජනය කිරීමට පියවර ගෙන ඇති බවත් , රාජ්‍ය නිලධාරින් ලෙස සැමගේ වගවීම පිළිබදව නව මානයක් සමගින් රටටම ආදර්ශයක් මධ්‍යම පළාතෙන් ලබාදීමට මේ තුළින් හැකිවන බව ද ඒ මහතා කිය. පස් අවුරුදු මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මට අනුකූලව , ජාතික වැඩසටහන් හා ඒකාබද්ධව තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම හා කාලීනව සිදුවන දේශගුණික විපර්යාස සදහා මුහුණදීමත් , 2024 අයවැය ප්‍රකාශයේ සඳහන් කරුණු කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරමින් 2024 -2028 පස් අවුරුදු සංවර්ධන සැලැස්ම සකස් කර ඇති බව මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කරුණු දක්වමින් පැවසිය. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , සභා ලේකම් සුජානි විජේතුංග ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස් ප්‍රේමචන්ද්‍ර , යන මහත්ම මහත්මීන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ,ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

වගකීම් වටහාගෙන කඩිනමින් ඒ සදහා කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර

වගකීම් වටහාගෙන කඩිනමින් ඒ සදහා කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ජාතික ආර්ථිකයට සහය අවශ්‍ය මොහොතක රාජ්‍ය ආයතන ලෙස අප වඩා සංවේදීව කටයුතු කළයුතුයි. ආයතනවල හා නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසා අවසානයේ රජයටයි දෝශාරෝපනය එන්නේ. වගකීම් වටහාගෙන කඩිනමින් ඒ සදහා කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යයි. අපි හැමෝම ඉන්නේ ජනතාවට සේවය කිරීමටයි. එළබෙන වර්ෂය සංවර්ධිත ප්‍රවේශය වෙත ගමන් කරන වසරක් . සියලු ආයතන එක්ව මේ කාර්යය සදහා සහය ලබාදිය යුතුයැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහාතාගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් 28 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී මහනුවර ගුඩ් ෂෙඩ් බස්නැවතුම්පොළ ඇතුළු නගර සංවර්ධනය ව්‍යාපෘතිය පිළිබදව කරුණු සාකච්ජා කිරීම, කාලින අවශ්‍යතා හදුනා ගනිමින් ඉහල යන විදුලි ඉල්ලුම වෙනුවෙන් සුරිය පැනල භාවිතය ඉහළ නැංවීමේ ක්‍රියාවලිය , කාලීනව සතුන්ගෙන් සිදුවන වගාහානි අවම කර ගැනීම සදහා වායු රයිෆල් ලබාදීමේ වැඩසටහන පිළිබදව මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී. කාලින අනතුරු වැලක්වීම වෙනුවෙන් නිසි සැලැස්මක අවශ්‍යතාවය පෙන්වා දුන්නේ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල අනතුරුදායක තත්වයේ පවතින ගස් ඉවත් කිරීමේ ගැටලුව සදහා කඩිනම් විසදුම් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමිනි.මෙහිදී පාසල් 37ක අනතුරුදායක ගස් 251 පවතින බව ද අනාවරණය විය. දිස්ත්‍රික් සංවර්ධන සැලස්මේ හා පළාත් සභා සංවර්ධන සැලැස්මේ වසරක ප්‍රගතිය මෙහිදී ඉදිරිපත් කිරීම සිදු වූ අතර ,දිස්ත්‍රිකක්යේ ක්‍රියාත්මක ආරක්ෂක වැඩසටහන් පිළිබදව කරුණු දැක්වීම ද සිදු කෙරින. මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, මාර්ග අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි යන මහත්ම මහත්මීන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් , පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මහනුවර දිස්ත්‍රික් ඩෙංගු කමිටුව රැස්වේ.

මහනුවර දිස්ත්‍රික් ඩෙංගු කමිටුව රැස්වේ. කාලීනව ව්‍යාප්ත වන ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා ජනාධිති කාර්යය සාධන බලකායේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික්කයම ආවරණය කරමින් සෞබ්‍යය වෛද්‍ය කොට්ඨාශ 23ම ආවරණය වන ලෙස නව වැඩසටහනක් දියත කිරීමට සැලසුම් කෙරේ. ප්‍රාදේශීය ඩෙංගු කමිටු ශක්තිමත් කරමින් ග්‍රාමීය ප්‍රදේශ මෙන්ම නාගරික ප්‍රදේශයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන දියත් කිරීමට පියවර ගෙන ඇත. දැනට සිදු කරනු ලබන පවිත්‍රතා කටයුතු සිදු කිරීම, ජනතාව දැනුවත් කිරීම්, දුමාරණය කටයුතු හා පරීක්ෂණ සිදු කිරීම් වැඩි කිරීම , නිතිය ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු කාලීනව යාවත් කිරීමට ද මෙමගින් පියවර ගෙන ඇත. දිනපතා සංක්‍රමණිකයන් ලෙස මහනුවර නගරයට ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන බවත් , නගරික ප්‍රදේශයේ පාසල් 54 ක් පමණ පිහිටා ඇති අතර , දැනට වාර්තා වී ඇති රෝගීන් ගෙන් 25% පමණ පාසල් දරුවන් වන බැවින් එම තත්වය පාලනය කිරීම වෙනුවෙන් පාසල් නිවාඩු කාලය තුළ ද අඛණ්ඩව ගෙනගිය නිවාරන කටයුතු සිදු කිරීමට මෙහිදී යෝජනා විය. මෙම වර්ෂය තුළ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 8563ක් වේ. මෙම ඩෙංගු කමිටුව සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,ප්‍රාදේශීය සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ සේනක තලගල , වසංගත රෝග වේදඥ මාසාරච්චි යන මහත්ම මහතමින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,සෞබ්‍යය අංශ , පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී විය.

ශ්‍රි පාද වන්දනා වරය ආරම්භවේ.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භවේ. 2023/2024 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේදී (26) විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කල සධාතුක කරඬුව, සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද මළුවට වැඩම කරවීමේ පෙරහැර ඊයේ අලුයම සුබ මොහොතින් මාර්ග 4 ක් ඔස්සේ ගමන් ආරම්භ කිරීම සිදුවිය. හැටන් නල්ලතන්නිය ඔස්සේ පැමිණි ප්‍රධාන පෙරහැර ගිනිගත්හේන, යටිබේරිය පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් සීමාවේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මාහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීම සිදුවිය.තවත් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා විය. මීට අමතරව, රත්නපුර, පලාබද්දල හරහාත් අනෙක් පෙරහැර කුරුවිට, එරත්න හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා වී තිබේ. අද අලුයම යෙදුන සුබ මොහොතින් ශ්‍රී පාද පද්මය දෝවනය කිරීමෙන් පසුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීමේන් 2023/ 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ විය. එය 2024 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනය දක්වා පැවැත්වේ.

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික මහෝත්සවය මාතලේදී.

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික මහෝත්සවය මාතලේදී. සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික මහෝත්සවය මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලීය ක්‍රීඩාංගන පරිශ්‍රයේදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විය. එහිදී සමස්ථ ලංකා මට්ටමෙන් ජයග්‍රහණ අත්පත්කරගත් සිසු සිසුවියන් දහසකට ආසන්න පිරිසක් ඇගයීම සිදු වු අතර, සංස්කෘතික අංග ඇතුලුත් ව විචිත්‍රවත් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර, මෙහිදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සුභාශිංසන පණිවිඩයක් මෙම වැඩසටහන සදහා එක් කර තිබු අතර, එම සුභාශිංසන පණිවිඩය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් උත්සව සභාව වෙත ඉදිරිපත් කිරීම සිදු වු අතර, අනතුරුව අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ඉතිහාසයේ ශ්‍රී ලංකා දේශය සම්බන්ධයෙන් රොබට් නොක්ස් තැබු සටහන් වල පරිද්දෙන් නැවත රට ගොඩනැගීමට හැකියාවක් පවතීනම් එය විශාල ජයග්‍රාහණයක් වන බවත් ඒ සදහා සෑම පුද්ගලයෙක්ම එකතු විය යුතු බවත් ය. මෙම වැඩසටහන සදහා ක්‍රීඩා කටයුතු රාජ්‍ය ආමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු සභිකයන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රෝහිණී කවිරත්න , මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරත්න, බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook