76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් වැඩසටහන පිළිබදව විශේෂ සාකච්ජාවක්

76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් වැඩසටහන පිළිබදව විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (22) පැවැත්විණි. මෙම සැමරුම් වැඩසටහන අභිමානවත්ව හා වඩා ඵලදායි කාර්යයක් සමජගත කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කිරීමට සැලසුම් කෙරේ. ඒ අනුව ප්‍රධාන සැමරුම් උළෙල ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය මුලික කර ගනිමින් පැවැත්වීමට ද ඊට සමගාමිව රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට පවතින බව ද පෙබරවාරි මස පළමු වෙනි දින සිට හයවන දින දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසිය. පල්ලෙකැලේ රයිෆල් කෝ බලකා මුලස්ථානය පදනම්කර ගනිමින් ප්‍රධාන රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහිදී පොල් පැල 2000 ක් රෝපණය කිරීමට නියමිතය. මහනුවර විලියම්ගොපල්ලව මාවත , දංගොල්ල ක්‍රීඩාංගනය හා ප්‍රදේශය පදනම්ව රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක අතර , මධ්‍යම පළාත පුරා පිහිටි ග්‍රාම සංවර්ධන සමිති මගින් පොල් පැල 20000ක් රෝපණය කිරීමට සැලසුම් කොට ඇත. මෙම වැඩසටහනට සමගාමිව ග්‍රාම නිලධාරි වසම් නියෝජනය වන පරිදි එක් වසමක ඔෳෂද පැල 75ක් බැගින් රෝපණය කිරීමටද සැලසුම් කෙරේ. තැන්නේකුඹුර පාලම අසල සිට පල්ලෙකැලේ පළාත් සංකීරණය දක්වා මාර්ග දෙපස රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද නිදහස් දිනයට සමගාමිව ක්‍රියාත්මක අතර මධ්‍යම පළාත් සංකීර්ණයේදි ලේ දන්දීමේ වැඩසටහනක් , පළාත පුරා ශ්‍රමදාන වැඩසටහන්, පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එක් කිරීමට මෙහිදී තීරණය විය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි ,මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින්, ආරක්ෂක අංශ ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් නව සැලැස්මක්

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් නව සැලැස්මක් දියත් කෙරේ. ඒ සදහා වූ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 22දින පැවැත්විය. කිතුල් කර්මාන්තයේ විභාවතාවයන් හදුනාගනිමින් සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයට නව තාක්ෂණය මුසු කරමින් නවීන ලෝකයට ගැලපෙන ලෙස මෙම නිෂ්පාදන සකස් කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ජාතික වැඩසටහනක් ලෙස මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කිරීමට යෝජිත අතර ඉන් මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 07ක් ස්ථාපිත කිරීමට නියමිත අතර (ගලගෙදර ,පුජාපිටිය ,හාරිස්පත්තුව ,දොළුව ,කොත්මලේ ,උඩුදුම්බර ,කුරුදුවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව) ජාතික සැකසුම් මධ්‍යස්ථානය හා කිතුල් ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම දැනට භාවිතයට නොගන්නා තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය යොදා ගැනීමට ද නියමිතය. මෙම නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළදපොලට නිකුත් කිරීමට සැලසුම් කොට ඇති අතර කිතුල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටද මෙමගින් සැලසුම් කෙරේ.පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ ග්‍රීන් ග්ලෝබල් ඔර්ගනික්(පුද් )සමාගම(GREEN GLOBE ORGANICE) එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර සදහා පළමු වසර තුළ දී රුපියල් මිලියන 118.67ක මුදලක් දැරීමට නියමිත අතර ව්‍යාපෘතිය සදහා ආයෝජනයෙකු විසින් රුපියල් මිලියන 67 ක මුදලක් ආයෝජනය කිරීම සදහා මේ වනවිට එකගත්වය ද දක්වා ඇත.මෙම ව්‍යාපෘතිය මගින් පළමු වසරේදී අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 185 වේ. මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, තුම්පනේ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බංඩාර, පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඉනෝදනී තඹවිට යන මහත්ම මහත්මීන් , ග්‍රීන් ග්ලෝබල් ඔර්ගනික්(පුද්) සමාගමේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජාතික තෛපොංගල් උත්සවය හැටන්හීදී.

ජාතික තෛපොංගල් උත්සවය හැටන්හීදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු ‍දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වාර්ෂිකව දෙමළ ජනතාව විසින් සමරනු ලබන අස්වනු මංගල්‍යය වන ජාතික තෛපොංගල් උත්සවය 2024 'හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් , නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර සෙන්ඩිල් තොණ්ඩමන්, උතුරු පළාත් ආණ්ඩුකාරවර පී. එස්. එම්. චාල්ස් , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් (21) පැවැත්විණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙම උත්සවය සදහා සුබපැතුම් එක් කරමින් සුභ පැතුම් පණිවිඩ එවා තිබූ අතර, නර්ථනාංග සහ දමිල සංස්කෘතික අංග ඇතුලත් ව විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබු මෙම වැඩසටහන සදහා දකුණු ඉන්දීය නිලියන් කිහිපදෙනෙකු ද එක් ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ශ්‍රී ලාංකීය ජන සංස්කෘතියේ ඇති අලංකාරවත් බව මෙවැනි උත්සව වලින් පිළිඹිබු වන බවයි. ගොවිතැන් කටයුතු සඳහා සූර්ය දෙවියන්ගෙන් ලැබුණු ශක්තියට කෘතගුණ දැක්වීම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම තෛපොංගල් ඉතා සුවිශේෂී බවත් මෙහිදී එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.සර්ව ආගමික පූජකවරු , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .රාමේෂ්වරන්,අමාත්‍යංශ ලේකම්වරු වන සෝමරත්න විදානපතිරණ , ඒ. සී .එම් .නෆීල්,හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වයි. අනුරුත්තනන් යන මහත්ම මහත්මිහූ ඇතුළු සම්භාවනීය අමුත්තන්, දිවයින පුරා ප්‍රදේශයන්හි වෙසෙන හින්දු බැතිමත්හූ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

“උරුමය”ජාතික වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක්.

ජනතාව වෙත ස්ථිරසාර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් ආරම්භ කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත. වසර ගණනාවක සිට නොවිසුදුණු ඉඩම් ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන “උරුමය”ලෙස නම්කොට ඇති මෙම ජාතික වැඩසටහන දඹුල්ල ප්‍රදේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා(19) දඹුල්ල රංගිරි දඹලු ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු , ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ ඇතුළු උත්සව සංවිධාන කමිටුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ඉනාමළුව සමුපකාර ග්‍රාමීය බැංකුව හා වෙළෙඳ මධ්‍යස්ථානය ජනතා අයිතියට

අද රට පුරා වෙළඳ මතයක් ක්‍රියාත්මක වෙනවා. එනිසා ජනතාව පීඩනයට පත් වෙනවා. අපි හැමෝම මිනිස්සු. නමුත් මිනිස්කම් අද ඈත් වෙලා, තමන් ගැන විතරක් හිතන සමාජයක් බවට පත්වෙලා. සමුපකාර ව්‍යාපාරයෙන් පීඩනයට පත් ජනතාව සඳහා සහනයක් ලබා දෙන්න හැකියාව පවතිනවා. අද අපි විනයක් නැති, මූල්‍ය විනයක් නැති ජාතියක් බවට පත්වෙලා. මේ තත්වය වෙනස් කරමින් සමාජ පරිවර්තනය කරා ගමන් කළ යුතුයි එහි මූලාරම්භය සමූපකාර ව්‍යාපාරය තුළින් දියත් කිරීම කාලෝචිතයැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ඉනාමළුව සමුපකාර ග්‍රාමීය බැංකුව හා වෙළෙඳ මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.මෙම උත්සවය19දින ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉනාමලුවේදී සිදු කෙරිණ.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා, වත්මන් ජනාධිපතිතුමා ගෙනයන ජාතික සංවර්ධන වැඩසටහන අද රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 287ක් වෙන්කරලා තියෙනවා. ඒ පැවති ආර්ථික අර්බුදයෙන් ගිලිහුනු සංවර්ධන කටයුතු යළි ගොඩනැගීම වෙනුවෙන්.සමුපකාරය ව්‍යාපාරය මෙහි ප්‍රබල කොටස් කරුවෙක් වනවා යැයි කීය. ඉනාමළුව බල ප්‍රදේශයේ පවතින කිලෝමීටර් හාරසි තිස් නමයක(439) බල ප්‍රදේශයේ පුරා පිහිටි ගම් 165 ක ජීවත්වෙන 89000ක් පමණ වන ජනගනය වෙත තම සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේ පහසුව ලබාදීමත්, ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය ට පසුබිම උදා කිරීම මෙන්ම සාමාජික සුරක්ෂිතභාවය අරක්ෂා කරමින් ජාතික ආර්ථිකයට විශාල දායත්වයක් ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ වේ.මෙම සමුපකාර ග්‍රාමීය බැංකුව හා වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් හා 2023 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගත් ඉනාමළුව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් විසි දෙදෙනෙකු (22) සදහා ශිෂ්‍යත්ව ප්‍රදානයන් සහ පාසල් උපකරණ ලබාදීම ද සිදුකරන ලද අතර , රුපියල් මිලියන 20ක මුදලක් මේ සඳහා යොමුකොට ඇත.මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් සමූපකාර කොමසාරිස් අමිල නවරත්න, සී/ස රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති කේ.ජී.අබේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook