සූර්ය බලශක්ති පැනල හා වීදි ලාම්පු නඩත්තු කර පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

සූර්ය බලශක්ති පැනල හා වීදි ලාම්පු නඩත්තු කර පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්. මධ්‍යම පළාතේ ජනතාව අතර විකල්ප බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් රාජ්‍ය ආයතනවල සූර්ය බලශක්ති පැනල පද්ධති ස්ථාපනය කර ඇති අතර සූර්ය බලශක්ති වීථී ලාම්පු මධ්‍යම පළාතේ සියලු පළාත් පාලන බල ප්‍රදේශ ආවරණය පරිදි ස්ථාපනය කර ඇත. එම සූර්ය බලශක්ති පැනල පද්ධති ස්ථාපනය කර ඇති රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා වීථි ලාම්පු ස්ථාපනය කර ඇති ස්ථාන අයත් පළාත් පාලන ආයතනවල නිලධාරීන් සඳහා සූර්ය බලශක්ති පැනල පද්ධති නඩත්තු කර පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ, ඉංජිනේරු මධූශංඛ බාලසූරිය මහතාගේ සම්පත්දායකත්වයෙන් පසුගියදා (07) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

අන්තර් පළාත් වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් තරගාවලියේ ශුරතාව ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාලය දිනා ගනි.

අන්තර් පළාත් වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් තරගාවලියේ ශුරතාව ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාලය දිනා ගනි. ශුරතාවය ලබාගත් එම පාසල් බේස්බෝල් කණ්ඩායම ඇගයීමේ විශේෂ උත්සවයක් මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (07) එම විද්‍යාලයේදී පැවැත්විණ. මෙම වර්ණවත් අවස්ථාවට විදුහල්පති කර්නල් රංජිත් රාජපක්ෂ මහතා, ක්‍රිඩා පුහුණුකරුවන්, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් ඊට එක් වුහ.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නම් කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් සදහා තොරතුරු පනත පිළිබද දැනුම යාවත්කාලීන කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහනක්.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නම් කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් සදහා තොරතුරු පනත පිළිබද දැනුම යාවත්කාලීන කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහනක්. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නම්කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් සදහා තොරතුරු පනත පිළිබද දැනුම යාවත්කාලින කිරීම සදහා වූ විශේෂ පුහුණු වැඩසටහනක් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පසුගියදා (04) සංවිධානය කෙරිණි.තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඩි .සි. දිසානායක ,එහි සාමාජිකයින වන ජගත් ලියනආරච්චි, ඒ.එම්.නහියා හා නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. තොරතුරු නිලධාරින් පත් කිරීම සහ ඔවුන්ගේ භූමිකාව පිළිබද විශේෂ දේශනයක් නීතිඥ ජගත් ලියනආරච්චි මහතා විසින් සිදු කරන ලදී.මධ්‍යම පළාත් සභාවට අදාළ තොරතුරු පනතේ ප්‍රතිපාදන භාවිතය පිළිබද කරුණු ඉදිරිපත් කිරීමක් නියෝජ්‍ය ලේකම් පිරිස් හා පුහුණු චන්දන වික්‍රමසුරිය මහතා විසින් සිදු කරන ලදී .තොරතුරු පනත් භාවිත කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන් නිලධාරින් කරුණු ඉදිරිපත් කිරීමත් පසු කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඒ සදහා විසදුම් හා යෝජනා ලබාදෙන ලදී . චන්දන වික්‍රමසුරිය මහතාගේ මඟපෙන්වීම සහ මෙහෙයවීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටි.පී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වය මත මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙම අවස්ථාව සදහා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරු ,ආයතන ප්‍රධානින් සහ පළාත් පාලන ආයතනවල නම්කළ නිලධාරින් සහ තොරතුරු නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ගේ ප්‍රතිඵල ඉහළනැංවීමේ විශේෂ වැඩසටහනක්.

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ගේ ප්‍රතිඵල ඉහළනැංවීමේ විශේෂ වැඩසටහනක්. මධ්‍යම පළාතේ පාසල්වල අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන්ගේ ප්‍රතිඵල ඉහළනැංවීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මෙහෙයවීමෙන් හා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් පවත්වන අධ්‍යාපන මනෝවිද්‍යා උපදේශන වැඩසටහනක් මාලාවේ සමාරම්භක වැඩසටහන පසුගියදා (06) මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.මෙම වැඩසටහන මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15 ම නියෝජනය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2023 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත මහනුවර ධර්මරාජ විද්‍යාලයේ, මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ හා තැන්නෙකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් මීට සහභාගි විය. මනෝ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසංක ජයරත්න මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සදහා imperial college ආයතනය විසින් අනුග්‍රාහක දායකත්වය දැක්විය.මෙම අවස්ථාවට CIMA ආයතනයේ අලෙවි විධායක ප්‍රසන්න ජයවර්ධන මහතා, මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරුන්,විදුහල් නියෝජනය කරමින් ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්. නව ලොව අභියෝග ජයගැනීම සඳහා දරු පිරිසක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වෙමින් රට මුහුණදී සිටින බලශක්ති අර්බුදයට නිසි විසදුම් සෙවීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ යාවත්කාලීන වූ තොරතුරු දරුවන් වෙත ලබාදීමත් අරමුණු කර ගනිමින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවි‍ඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ආරම්භය විය. එහි තවත් එක් වැඩසටහනක් 2023-06-28 දින අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලයේදී පැවැත්විණ. වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ඩී.ජී.එස්. ජයසිංහ මහතාගේ සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) චතුරිකා දයානන්ද මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී ආශා තිලකරත්න මහත්මිය සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook