උදාවූ 2023 නව වසරේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ.

උදාවූ 2023 නව වසරේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති ආශිර්වාද පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

උදාවූ 2023 නව වසරේ මධ්‍යම පළාත් සභාවේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ.

උදාවූ 2023 නව වසරේ මධ්‍යම පළාත් සභාවේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ. මධ්‍යම පළාත් සභාවේ 2023 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සවය සභාපති එල්. ඩී .නිමලසිරි හා ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි. රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙමින්,අර්ථාන්විතව හා කාර්යක්ෂමව සේවය ඉටු කිරීමට පෙළගැසීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ අමාත්‍යාංශ හා දෙපාර්තුමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කාර්යමණ්ඩලය සහභාගී වූහ.

ඔබ සැමට සුභ නව වසරක් වේවා !

ඔබ සැමට සුභ නව වසරක් වේවා!

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යසායකයින් නගාසිටුවීමේ ව්‍යාපෘතියේ තෙවන අදියරය ගැටඹේ OKRE හෝටල් පරිශ්‍රයේදී .

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යසායකයින් නගාසිටුවීමේ ව්‍යාපෘතියේ තෙවන අදියරය ගැටඹේ OKRE හෝටල් පරිශ්‍රයේදී ....... සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යසායකයින් නගාසිටුවීමේ ව්‍යාපෘතියේ තෙවන අදියරය ගැටඹේ OKRE හෝටල් පරිශ්‍රයේදී පසුගිය 29 ද පැවැත්විණ. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 130 පමණ සහ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් සේවාවන් සපයන රාජ්‍ය ආයතන වල නිලධාරින් මධ්‍යම පළාත් වෙළද හා වාණිජ මණ්ඩලය, සිංහල වෙළද පෙරමුණ, ලංකා ව්‍යපාරික සංසදය, මධ්‍යම පළාත් කාන්තා හා වාණිජ මණ්ඩලය නියෝයජනය කරමින් සහභාගී විය. මෙම වැඩමුළුව EPIC Group හි සභාපති ආචාර්ය නයන දෙහිගම මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුන අතර මෙම වැඩමුළුව මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතන විසින් සංවිධානය කොට තිබිණ. එම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මේනක හේරත් මහතා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.

මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විවාදාත්මක සාකච්ඡාවක්.

මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විවාදාත්මක සාකච්ඡාවක්. මත් ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ හා ශිෂ්‍ය පරපුර මුදවා ගැනීමේ වගකීම වැඩිහිටි සියලු දෙනා වෙත පැවරෙන බවත්, එහිදී ඒ ඒ පාර්ශව තමනට අදාළ ප්‍රවේශවීම් ඔස්සේ ඊට එක් විය යුතු බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. එසේම මෙහිදී මාධ්‍ය , අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ වෙත පැවරෙන වගකීම තීරණාත්මක වන බවත් බවද ඔහු කියා සිටී. විවෘත වේදිකාවක් මත මෙකරුණ සම්බන්ධයෙන් තවදුරටත් සංවාද කලයුතු බවත්, නිවැරදි පිළිවෙත් හඳුනා ගත හැක්කේ එමඟින් බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ ‘මත්ද්‍රව්‍ය භාවිතය, සන්නිවේදනය හා වත්මන් අභියෝග’ මැයෙන් ඊයේ (28) මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාමය වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මධ්‍යම පළාත් සභාව හා පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට මහනුවර ප්‍රදේශයේ මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද, විදුහල්පතිවරුන් හා උපදේශන විෂය භාර ගුරුභවතුන් පිරිසක් ද එක්ව සිටියහ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හා ‘හෙල්දි ලංකා’ ආයතනයේ ප්‍රධානීන් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්තමාන සැබෑ තත්ත්වය හා එය මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේදී පැන නඟින ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. පාසල් ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමේ දී මතුවන දුෂ්කරතා සමබන්ධයෙන් විදුහල්පතිවරුන් හා උපදේශනය විෂය භාර ගුරු භවතුන් ද, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ජනගත කිරීමේදී අනුගමනය කරන හා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීහු ද අදහස් දැක්වූහ. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක හා මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ද සාකච්ඡාවට අදහස් දක්වමින් සහභාගී වූහ. පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook